Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / මෙ කල පරස්පර අර්ථ ඇති ධර්ම කරුණු වල නිවැරදි අර්ථ සහ විග්‍රහ /

සෝතාපන්නයාගේ අවබෝධය

සෝතාපන්න සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, සංයුත්ත නිකාය 3 - පිටු අංක 346 - 347)

එකත් පසෙක සිටි රාධ තෙරණුවන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

රාධය, මේ උපාදාන ස්කන්ධ පසකි. එනම්;

  1. රූප උපාදානස්කන්ධය
  2. වේදනා උපාදානස්කන්ධය
  3. සංඥා උපාදානස්කන්ධය
  4. සංස්කාර උපාදානස්කන්ධය
  5. විඥාන උපාදානස්කන්ධය

රාධය, යම් කලෙක ආර්ය ශ්‍රාවක තෙමේ මේ පංච උපාදානස්කන්ධයන්ගේ

  • සමුදය (හටගැනීම),
  • අත්ථඩ්ගමය (විනාශය),
  • අස්සාද (ආස්වාදය),
  • ආදීනව (දෝෂයත්),
  • නිස්සරණය (නිදහස් වීමත්),

ඇති සැටියෙන් (යථා ස්වභාවයෙන්) දනියි නම්, මේ ආර්ය ශ්‍රාවකයා සෝවාන් යැයි ද, දුගතිගාමී නොවනසුලු යැයි ද, නියතයෙන් ම නිවනට යනසුලු යැයි ද කියනු ලැබෙයි.


බාගත ​කිරීමට