ක්ලේශ ධර්මයෝ කවරක් ද කොපමණක් ද
ක්ලේශ ධර්මයෝ කවරහ යත් ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, ධම්මසඞ්ගණිප්පකරණ, අට්ඨකථා කාණ්ඩය - පිටු අංක 546 - 547)
ක්ලේශ (කෙලෙස්) වස්තු දසයෙකි.
- ලෝභය
- ද්වේෂය
- මෝහය
- මානය
- දෘෂ්ටිය
- විචිකිච්ඡාව
- ථීනය
- උද්දච්චය
- අහිරිකය
- අනොත්තප්පය
ක්ලේශ උපදින ස්ථාන
- ලෝභය - ලෝභ සිත් අටෙහි උපදියි.
- ද්වේෂය - ද්වේෂ සිත් දෙකෙහි උපදියි.
- මෝහය - සියලු අකුසලයන් හි උපදියි.
- මානය - දෘෂ්ටිගත විප්‍රයුක්ත ලෝභ සිත් හතරෙහි උපදියි.
- දෘෂ්ටිය - දෘෂ්ටිගත සම්ප්‍රයුක්ත ලෝභ සිත් සතරෙහි උපදියි.
- විචිකිච්ඡාව - විචිකිච්ඡා සහගත සිතෙහි උපදියි.
- ථීනය - සසංකාරික අකුසලයන්හි උපදියි.
- උද්දච්චය - සියලු අකුසල් සිත්හි උපදියි.
- අහිරිකය - සියලු අකුසල් සිත්හි උපදියි.
- අනොත්තප්පය - සියලු අකුසල් සිත්හි උපදියි.
මේ ක්ලේශ ධර්මයෝ වෙති.
මේ ක්ලේශයන් හැර අවශේෂ අකුසල ද, සිව් භූමියේ කුසල ද, සිව් භූමියේ විපාක ද, තුන් භූමියෙහි ක්‍රියා අව්‍යාකෘත ධර්ම ද, රූපය ද, නිර්වාණය ද ක්ලේශ නොවූ ධර්මයෝය.
බාගත කිරීමට 