සක් දෙවිඳු වෛජයන්ති ප්‍රාසාදයෙන් බැස, දෑඟිලි බැඳ, සෑම දිශාවට ම වැන්දේය. රථාචාර්ය මාතලී දිව්‍ය පුත් සක් දෙවිඳුගෙන් මෙසේ ඇසුවේය.
“වේදය හදාරන සියලු මිනිස්සු ද, රජවරු ද, සතරවරම් දෙවිවරු ද, කීර්තිමත් තව්තිසා දෙවියෝ ද ඔබට වඳිති. නමුත් ඔබ වඳින්නේ කිනම් යකෙකුට ද?”
“ත්‍රි වේදය හදාරන පොළොවේ සිටින සියලු වැසියෝ ද, රජවරු ද, සතරවරම් දෙවිවරු ද, කීර්තිමත් දෙවියෝ ද මා නමදිති. මම ද සිල්වත් වූ සමාධිමත් වූ දිවි හිමියෙන් බ්‍රහ්මචාරී ව හැසිරෙන පැවිද්දන් ට මනා කොට ම වඳිමි. එසේ ම පින් කරන්නා වූ, සිල්වත් වූ, ගිහිගෙයි වසන උපාසක උපාසිකාවන් දැහැමින් අඹු දරුවන් පෝෂණය කරන ගිහිගෙයි වසන උපාසක උපාසිකාවන් සිටියි ද මම ඔවුන්ට ද වඳිමි.”
“සක් දෙවිඳුනි, ඔබ යමෙකුට වඳියි නම් ඔවුහු ලොවෙහි ශ්‍රේෂ්ඨයෝ ම වෙති. මම ද ඔවුන් නමදිමි” යැයි මාතලී දෙවි පුත් පැවසුවේ ය.