අනිච්ච යනු අනිත්‍යය යන අර්ථයයි
එසේ නම් ‘කැමති නොවන’ අර්ථය වරදවා ගැනීමකි
අනිච්ච යන වචනයේ අර්ථය
- ත්‍රිපිටකය තුලින් නිර්වචනය
- ‘කෙනට්ඨෙන අනිච්චා - උප්පාදවයට්ඨෙන අනිච්චා’
- කුමන අරුතින් අනිත්‍ය වේ ද - ඉපදී වැනසෙන අරුතින් අනිත්‍ය වෙයි.
- (බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, ඛුද්දක නිකාය, පටිසම්භිදාමග්ගපකරණ 1, සතොකාරී ඥානය - පිටු අංක 364 - 365)
- ශබ්දකෝෂ ඇසුරින්
- අනිච්ච - නිත්‍ය නොවන, සැම කල් නොපවතින
- (පාලි සිංහල ශබ්ද කෝෂය - මඩිතියවෙල සිරිසුමංගල ස්ථවිරයන් වහන්සේ)
- අනිච්ච - නිත්‍යය නොවූ, සැම කල්හි නොපවතින
- (පාලි සිංහල අකාරාදිය - පොල්වත්තේ බුද්ධදත්ත නායක ස්ථවිර)
- Anicca – unstable, Impermanent, inconstant
- [Pali Text Society (PTS) - Pali English Dictionary - Rhys Davids & William Stede]
අනිච්ච යන වචනයේ නිර්වචනය ත්‍රිපිටකය තුළ පැහැදිලි ව ම සදහන් වෙයි. මෙයට අමතර ව ශබ්දකෝෂ කිහිපයක ඇති අර්ථය ද සඳහන් කළෙමු.
අනිච්ච යනු නිච්ච යන පදයේ විරුද්ධාර්ථය හඟවන පදයයි.
‘අනිච්චෙ නිච්චන්ති සඤ්ඤා විපල්ලාසො’
අනිත්‍යයෙහි නිත්‍ය යනු සංඥා විපල්ලාසයක් (වැරදි ලෙස ගත් හදුනා ගැනීමක්) වෙයි.
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, ඛුද්දක නිකාය, පටිසම්භිදාමග්ගප්පකරණ 1, විපල්ලාසකථා - පිටු අංක 506 - 507)
නිච්ච හි අර්ථය
- නිත්‍ය වූ, සැමදා පවතින, වෙනස් නොවන
- (පාලි සිංහල අකාරාදිය - පොල්වත්තේ බුද්ධදත්ත නායක ස්ථවිර)
- නොනස්නා ලද්ද
- (පාලි සිංහල ශබ්ද කෝෂය - මඩිතියවෙල සිරිසුමංගල ස්ථවිරයන් වහන්සේ)
- Nicca - constant, continuous, permanents
- (PTS - Pali English Dictionary - Rays Davids & William Stede)
අනිච්ච හා අනිච්ඡ යනු වෙනස් වචන (නිරුක්ති) දෙකකි. එහි අකුරු ද වෙනස් වෙයි. අර්ථයන් ද එකිනෙකට වෙනස් වෙයි. මෙහි අවසන් අකුර ‘ච’ ලෙස අනිච්ච හි ද, ‘ඡ’ ලෙස අනිච්ඡ හි ද යෙදෙයි.
අනිච්ඡ යනු ඉච්ඡ/ඉච්ඡා යන පදයේ විරුද්ධාර්ථය හඟවන පදය වෙයි.
ඉච්ඡා - නිවැරදි අර්ථය
ත්‍රිපිටකය ඇසුරින්
- ඉච්ඡා - තණ්හාව, ආසාව
- (බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, මහානිද්දේස පාළි, ගුහට්ඨකසුත්තනිද්දෙසො - පිටු අංක 43)
ශබ්දකෝෂ ඇසුරින්
- ඉච්ඡා - කැමැත්ත, ආශාව
- (පාලි සිංහල අකාරාදිය - පොල්වත්තේ බුද්ධදත්ත නායක ස්ථවිර)
- ඉච්ඡා - ආශාව, කැමැත්ත, තෘෂ්ණාව
- (පාලි සිංහල ශබ්ද කෝෂය, මඩිතියවෙල සිරි සුමංගල ස්ථවිරයන් වහන්සේ)
- Iccha – wishing , longing, having desires;
- (PTS - Pali English Dictionary - Rhys Davids & William Stede)
ඉච්ඡා යන වචනයෙහි විරුද්ධාර්ථය හඟවන අනිච්ඡ/අනිච්ඡා හි ශබ්දකෝෂ අර්ථය
- අනිච්ඡ - ආසා රහිත, තණ්හා නැති
- (පාලි සිංහල ශබ්ද කෝෂය - මඩිතියවෙල සිරි සුමංගල ස්ථවිරයන් වහන්සේ)
- අනිච්ඡා - නොකැමැත්ත
- (පාලි සිංහල අකාරාදිය - පොල්වත්තේ බුද්ධදත්ත නායක ස්ථවිර)
- Aniccha – without desires, not desiring
- (PTS - Pali English Dictionary - Rhys Davids & William Stede)
එනම් අනිච්ච යනු අනිත්‍ය යන අර්ථය වෙයි.
අනිච්ඡ යනු කැමති නොවන යන අර්ථය වෙයි.
අනිච්ච හා අනිච්ඡ යන වචනවල අකුරු ද එකිනෙකට වෙනස් වෙයි. ඒවායේ අර්ථයන් ද එකිනෙකට වෙනස් වෙයි.
අනිච්ච යනු නිච්ච (නිත්‍ය) යන පදයේ විරුද්ධාර්ථය හඟවන පදය වෙයි.
අනිච්ඡ යනු ඉච්ඡ හෝ ඉච්ඡා යන පදවල විරුද්ධාර්ථය හඟවන පදය වෙයි.
තවදුරටත් කරුණු හැදැරීමට අවශ්‍ය නම් පහත සඳහන් වන මූලාශ්‍ර භාවිත කරන්න
- රූපස්ස අනිච්චතා
- (බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අභිධර්ම පිටකය, ධම්මසඞ්ගණිප්පකරණ - පිටු අංක 302, 324, 354)
- අනිච්චා
- (බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අභිධර්ම පිටකය, විභඞ්ගප්පකරණ 2 - පිටු අංක 142)
- පුප්ඵ සූත්‍රය
- (බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, සංයුක්ත නිකාය 3 - පිටු අංක 238)
- ගොමයපිණ්ඩූපම සූත්‍රය
- (බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, සංයුක්ත නිකාය 3 - පිටු අංක 246)
- විපරිත කථා
- (බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අභිධර්ම පිටකය, කථාවත්ථුප්පකරණ 2 - පිටු අංක 194)
- රූපං අනිච්චං ඛයට්ඨෙන (ලක්ඛණතිකනිද්දෙසො)
- (බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, ඛුද්දක නිකාය, පටිසම්භිදාමග්ගප්පකරණ 1 -පිටු අංක 68)
- ඉච්ඡා
- (බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, ඛුද්දක නිකාය, පටිසම්භිදාමග්ගපකරණ 1 - පිටු අංක 72)
- භඞ්ගානුපස්සනාඤාණං
- (බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, ඛුද්දක නිකාය, පටිසම්භිදාමග්ගපකරණ 1 පිටු අංක 108 - 111)
බාගත කිරීමට 