තුසිත දෙව්ලොවින් පැමිණි දේවතාවෙක් තිස්ස බුදු රජාණන් වහන්සේට පිණ්ඩපාත දානය පූජා කළා. බුදු ගුණයෙහි සිත පහදවා වැඳ නැවත දෙව් ලොවට ගියා.
එම දානය ඒ දේවතාවාට මහත් ආනිසංසයක් ගෙන දුන්නා. කල්ප අනූ දෙකක් සුගතිගාමී වී සැප විඳ ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි ව සසර ගමන කෙළවර කළා.