Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / මෙ කල පරස්පර අර්ථ ඇති ධර්ම කරුණු වල නිවැරදි අර්ථ සහ විග්‍රහ /

සතර මහා ධාතූන්ගේ නිරෝධය නොදන්නා පැවිද්දා
පැවිද්දන් අතර පැවිදි යැයි සම්මත නොවෙයි

තතිය සමණබ්‍රාහ්මණ සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා‚ සංයුක්ත නිකාය 2 - පිටු අංක 274 - 275)

යම් මහණ බමුණෙක්,

පඨවි ධාතුව මනා සේ නොදනිත් ද, පඨවි ධාතු හටගැනීම මනා සේ නොදනිත් ද, පඨවි ධාතු නිරෝධය මනා සේ නොදනිත් ද, පඨවි ධාතු නිරෝධ කරන පිළිවෙත මනා සේ නොදනිත් ද,

ආපෝ ධාතුව මනා සේ නොදනිත් ද, ආපෝ ධාතු හටගැනීම මනා සේ නොදනිත් ද, ආපෝ ධාතු නිරෝධය මනා සේ නොදනිත් ද, ආපෝ ධාතු නිරෝධ කරන පිළිවෙත මනා සේ නොදනිත් ද,

තේජෝ ධාතුව මනා සේ නොදනිත් ද, තේජෝ ධාතු හටගැනීම මනා සේ නොදනිත් ද, තේජෝ ධාතු නිරෝධය මනා සේ නොදනිත් ද, තේජෝ ධාතු නිරෝධ කරන පිළිවෙත මනා සේ නොදනිත් ද,

වායෝ ධාතුව මනා සේ නොදනිත් ද, වායෝ ධාතු හටගැනීම මනා සේ නොදනිත් ද, වායෝ ධාතු නිරෝධය මනා සේ නොදනිත් ද, වායෝ ධාතු නිරෝධ කරන පිළිවෙත මනා සේ නොදනිත් ද,

ඒ මහණ, බමුණෝ, මහණන් කෙරෙහි මහණ යැයි සම්මත නොවෙති. බමුණන් කෙරෙහි බමුණු යැයි සම්මත නොවෙති.

මේ ජිවිතයේ දී තමාගේ ශ්‍රමණ අර්ථය හෝ බමුණු අර්ථය හෝ සාක්ෂාත් කර නොගෙන ම වෙසෙති.

යම් මහණ බමුණෙක් පඨවි ධාතුව මනා සේ දනිත් ද, පඨවි ධාතු හටගැනීම මනා සේ දනිත් ද, පඨවි ධාතු නිරෝධය මනා සේ දනිත් ද, පඨවි ධාතු නිරෝධ කරන පිළිවෙත මනා සේ දනිත් ද,

ආපෝ ධාතුව මනා සේ දනිත් ද, ආපෝ ධාතු හටගැනීම මනා සේ දනිත් ද, ආපෝ ධාතු නිරෝධය මනා සේ දනිත් ද, ආපෝ ධාතු නිරෝධ කරන පිළිවෙත මනා සේ දනිත් ද,

තේජෝ ධාතුව මනා සේ දනිත් ද, තේජෝ ධාතු හටගැනීම මනා සේ දනිත් ද, තේජෝ ධාතු නිරෝධය මනා සේ දනිත් ද, තේජෝ ධාතු නිරෝධ කරන පිළිවෙත මනා සේ දනිත් ද,

වායෝ ධාතුව මනා සේ දනිත් ද, වායෝ ධාතු හටගැනීම මනා සේ දනිත් ද, වායෝ ධාතු නිරෝධය මනා සේ දනිත් ද, වායෝ ධාතු නිරෝධ කරන පිළිවෙත මනා සේ දනිත් ද,

ඒ මහණ, බමුණෝ, මහණන් කෙරෙහි මහණ යැයි සම්මත වෙති. බමුණන් කෙරෙහි බමුණු යැයි සම්මත වෙති.

මේ ජිවිතයේ දී තමාගේ ශ්‍රමණ අර්ථය හෝ බමුණු අර්ථය හෝ සාක්ෂාත් කර ගෙන ම වෙසෙති.


බාගත ​කිරීමට