සෝතාපන්න පුද්ගලයා පන්සිල් බිඳින්නේ නැත
භයවෙර සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 5 - පිටු අංක 456 - 461)
යම් කලෙක ආර්ය ශ්‍රාවකයාගේ පංච භය ද වෛරය ද සංසිඳුණේ ද, සතර සෝතාපත්ති අංගයෙන් සමන්වාගත වේ ද, ඔහු කැමති නම් සෝතාපත්න යැයි පැවසිය හැකිය.
කවර පංච භය වෛර කෙනෙක් සංසිඳුණේ ද යත්;
- සතුන් මරනුයේ දිට්ඨධම්මික (මේ ජිවිතයේ දී) සහ සම්පරායික (පර ලොව දී) භයක් වෛරයක් ලබයි ද, චෛතසික දුක් දොම්නසක් විඳියි ද, සතුන් මැරීමෙන් වැළකියේ මේ භය වෛර සංසිඳුණේ වෙයි.
- සොරකම් කරනුයේ දිට්ඨධම්මික සහ සම්පරායික භයක් වෛරයක් ලබයි ද, සොරකමින් වැළකියේ මේ භය වෛර සංසිඳුණේ වෙයි.
- කාමය වරදවා හැසිරෙනුයේ දිට්ඨධම්මික සහ සම්පරායික භයක් වෛරයක් ලබයි ද, කාමය වරදවා හැසිරීමෙන් වැළකියේ මේ භය වෛරය සංසිඳුණේ වෙයි.
- බොරු කියනුයේ දිට්ඨධම්මික සහ සම්පරායික භයක් වෛරයක් ලබයි ද, බොරු කීමෙන් වැළකියේ මේ භය වෛරය සංසිඳුණේ වෙයි.
- මද පමා දෙකට හේතු වන මත්පැන් බොන තැනැත්තා ඒ හේතුවෙන් දිට්ඨධම්මික සහ සම්පරායික භයක් වෛරයක් ලබයි ද, මත්පැන් බීමෙන් වැළකියේ මේ භය වෛරය සංසිඳුණේ වෙයි.
මෙසේ පංච භය වෛර සංසිඳුණේ වෙයි.
සෝතාපන්න පුද්ගලයා කවර සතර සෝතාපත්ති මාර්ග අංගයන්ගෙන් සමන්වාගත වෙයි ද යත්;
- බුදු රජාණන් වහන්සේ පිළිබඳව අචල ප්‍රසාදයෙන් යුක්ත වෙයි.
- බුදු රජාණන් වහන්සේගේ ධර්මය පිළිබඳව අචල ප්‍රසාදයෙන් යුක්ත වෙයි.
- බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා පිළිබඳව අචල ප්‍රසාදයෙන් යුක්ත වෙයි.
- නොකැඩුණු, සිදුරු නොවුණු, ලප නැති, පරාමර්ශනය නොකළ, සමාධි සංවත්තතික ආර්ය කාන්ත සීලයකින් සමන්වාගත වෙයි.
බාගත කිරීමට 