Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් /

ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවන්ගේ නිරෝධය දුකෙහි නිරෝධයයි

තතිය සමණබ්‍රාහ්මණ සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා‚ සංයුක්ත නිකාය 2 - පිටු අංක 362 - 363)

යම් කිසි මහණෙක් හෝ බමුණෙක්,

  • ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා මනා ව නොදනිත් ද,
  • ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා හටගැනීම මනා ව නොදනිත් ද,
  • ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා නිරෝධය මනා ව නොදනිත් ද,
  • ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා නිරෝධ කරන ප්‍රතිපදාව මනා ව නොදනිත් ද

ඒ මහණෝ හෝ බමුණෝ, මහණුන් කෙරෙහි මහණ යැයි සම්මත ද නො වෙති. බමුණන් කෙරෙහි බමුණු යැයි සම්මත ද නොවෙති.

ඒ මහණ බමුණෝ තමන්ගේ මහණ බවේ අර්ථය හෝ බමුණු බවේ අර්ථය මේ ජිවිතයේ දී සාක්ෂාත් කරගෙන වාසය ද නොකරති.

යම් කිසි මහණෙක් හෝ බමුණෙක්,

  • ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා මනා ව දනිත් ද,
  • ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා හටගැනීම මනා ව දනිත් ද,
  • ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා නිරෝධය මනා ව දනිත් ද,
  • ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා නිරෝධ කරන ප්‍රතිපදාව මනා ව දනිත් ද

ඒ මහණෝ හෝ බමුණෝ, මහණුන් කෙරෙහි මහණ යැයි සම්මත ද වෙති. බමුණන් කෙරෙහි බමුණු යැයි සම්මත ද වෙති.

ඒ මහණ බමුණෝ තමන්ගේ මහණ බවේ අර්ථය හෝ බමුණු බවේ අර්ථය මේ ජිවිතයේ දී සාක්ෂාත් කරගෙන වාසය ද කරති.


බාගත ​කිරීමට