Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් /

භික්ෂු භික්ෂුණීන්ට රන් රිදී මිල මුදල් අකැපය
යමෙක් ඒවා පිළිගනියි නම් ඉවසයි නම් අශ්‍රමණ ධර්ම ඇත්තෙකි

මණිචූළක සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, සංයුක්ත නිකාය 4 - පිටු අංක 588 - 591)

ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට (ගෞතම බුදු රජාණන් වහන්සේ ශාක්‍ය කුලයේ උපන් නිසා භාග්‍යවතුන්ගේ ශ්‍රාවකයෝ ශාක්‍ය පුත්‍රයන් ලෙස හඳුන්වනු ලබති.) රන් රිදී, මිල මුදල් කැප නොවෙයි.

ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී මිල මුදල් නොඉවසති. රන් රිදී, මිල මුදල් නොපිළිගනිති.

ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රුවන් භාවිතයෙන් වෙන් වී සිටිති.

ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී, මිල මුදල්වලින් ඉවත් වී වෙසෙති.

යමෙකුට රන් රිදී, මිල මුදල් කැප වේ නම් ඔහුට පංචකාම ගුණය ම කැප වෙයි. යමෙකුට පංචකාම ගුණය කැප නම් ඒකාන්තයෙන් ම අශ්‍රමණ ධර්ම ඇත්තෙකි. අශාක්‍ය පුත්‍ර ධර්ම ඇත්තෙකි යි දරා ගත යුතුය.

තණ කොළවලින් අවශ්‍යතාවයක් ඇත්නම් තණ කොළ සෙවිය යුතුය. (කුටිය සෑදීමට සහ ඇතිරි සෑදීමට තණ කොළ යොදා ගනියි.) ලී අවශ්‍ය නම් ලී සෙවිය යුතුය. ගැලක් (භාණ්ඩ ප්‍රවාහනයට සහ දිගු ගමනක් යාමට, රෝගී භික්ෂුවකගේ ප්‍රවාහනයට ආදිය සඳහා) අවශ්‍ය නම් ගැලක් සෙවිය යුතුය.

පුරුෂයෙකුගෙන් (ආරාමිකයෙකුගෙන් හෝ කැපකරුවෙකුගෙන්) ප්‍රයෝජන ඇත්නම් පුරුෂයෙකු සෙවිය යුතුය.

කිසි ම අයුරකින් රන් රිදී, මිල මුදල් නොඉවසිය යුතු ම ය. නොසෙවිය යුතු ම ය. භාග්‍යවතුන් වහන්සේ විසින් මණිචූලක ගාමිණිට මෙසේ වදාළ සේක.


බාගත ​කිරීමට