Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් /

බුදු සසුන චිරස්ථිතික වීමට කැමති නම් මෙසේ ම හික්මෙන්න

කිම්බිල සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 4 - පිටු අංක 98 - 101)

ස්වාමීනි, තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි සද්ධර්මය චිරස්ථිතික(දීර්ඝ කාලයක් පැවතීම) නොවේ නම් එයට හේතු කවරක් ද ප්‍රත්‍ය කවරක් ද?

යැයි කිම්බිල තෙරණුවෝ ඇසූවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

තථාගතයන් වහන්සේ පිරිනිවුනු කල්හි මේ සසුනෙහි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ

  • බුදු රජාණන් වහන්සේ කෙරෙහි ගෞරව නැති ව අකීකරු ව වෙසෙත්.
  • ධර්මය කෙරෙහි ගෞරව නැති ව අකීකරු ව වෙසෙත්.
  • සංඝයා කෙරෙහි ගෞරව නැති ව අකීකරු ව වෙසෙත්.
  • ශික්ෂාව කෙරෙහි ගෞරව නැති ව අකීකරු ව වෙසෙත්.
  • අප්‍රමාදය(සිහියෙන් යුතු ව කුසල ධර්මයන්හි යෙදීමේ ප්‍රමාද නොවී වාසය කිරීම) කෙරෙහි ගෞරව නැති ව අකීකරු ව වෙසෙත්.
  • පිළිසඳර කථාව කෙරෙහි ගෞරව නැති ව අකීකරු ව වෙසෙත්.

තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ කල ධර්මය චිරස්ථිතික නොවේ නම් මේ එයට හේතුය. මේ එයට ප්‍රත්‍යය.

ස්වාමිනි, බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි සද්ධර්මය චිරස්ථිතික වෙයි නම් එයට හේතු කවරේ ද සහ ප්‍රත්‍ය කවරේ ද?

තථාගතයන් වහන්සේ පිරිනිවුනු කල්හි මේ සසුනෙහි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ;

  • බුදු රජාණන් වහන්සේ කෙරෙහි ගෞරව ඇති ව කීකරු ව වෙසෙත්.
  • ධර්මය කෙරෙහි ගෞරව ඇති ව කීකරු ව වෙසෙත්.
  • සංඝයා කෙරෙහි ගෞරව ඇති ව කීකරු ව වෙසෙත්.
  • ශික්ෂාව කෙරෙහි ගෞරව ඇතිව කීකරු ව වෙසෙත්.
  • අප්‍රමාදයෙහි ගෞරව ඇති ව කීකරු ව වෙසෙත්.
  • පිළිසඳර කථාව කෙරෙහි ගෞරව ඇති ව කීකරු ව වෙසෙත්.

තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ කල සද්ධර්මය චිරස්ථිතික වේ නම් මේ එයට හේතුය. මේ එයට ප්‍රත්‍යය.


බාගත ​කිරීමට