ඔබත් බුදු සසුන චිරස්ථිතික වනු දකින්නට කැමති ද?
එසේ නම් සතර සතිපට්ඨානය වඩන්න බහුල ව වඩන්න
බ්‍රාහ්මණ සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, සංයුක්ත නිකාය 5 - i - පිටු අංක 310-311)
සැවැත් නුවර එක්තරා බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ සතුටු විය යුතු, සිහි කටයුතු කතා කොට එකත් පසෙක හිඳ මෙසේ පැවසුවේය.
“භවත් ගෞතමයෙනි, තථාගතයන් පිරිනිවුණු පසු සද්ධර්මය චිරස්ථිතික (බොහෝ කලක් පවත්නා සුලු) නොවේ නම් එයට හේතු මොනවා ද? ප්‍රත්‍ය මොනවා ද?
තථාගතයන් පිරිනිවුණු පසු ධර්මය චිරස්ථිතික වේ නම් එයට හේතු මොනවා ද? ප්‍රත්‍ය මොනවා ද?”
“බමුණ, සතර සතිපට්ඨානය නොවැඩූ විට, බහුල නොකළ විට තථාගතයන් පිරිනිවුණු පසු සද්ධර්මය චිරස්ථිතික නොවෙයි.
සතර සතිපට්ඨානය වැඩූ විට, බහුල කළ විට තථාගතයන් පිරිනිවුණු පසු සද්ධර්මය චිරස්ථිතික වෙයි”.
කවර සතර සතිපට්ඨානයක් ද යත්;
- කෙලෙස් තවන වැර ඇති ව මනා සිහි නුවණින් යුතු ව දැඩි ලෝභය සහ දොම්නස දුරු කොට කයෙහි කය අනුව බලමින් වාසය කිරීම වෙයි.
- කෙලෙස් තවන වැර ඇති ව මනා සිහි නුවණින් යුතු ව දැඩි ලෝභය සහ දොම්නස දුරු කොට වේදනාවෙහි වේදනාව අනුව බලමින් වාසය කිරීම වෙයි.
- කෙලෙස් තවන වැර ඇති ව මනා සිහි නුවණින් යුතු ව දැඩි ලෝභය සහ දොම්නස දුරු කොට සිතෙහි සිත අනුව බලමින් වාසය කිරීම වෙයි
- කෙලෙස් තවන වැර ඇති ව මනා සිහි නුවණින් යුතු ව දැඩි ලෝභය සහ දොම්නස දුරු කොට ධර්මයෙහි ධර්මය අනුව බලමින් වාසය කිරීම වෙයි
බාගත කිරීමට 