Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / කෙටි දහම් කරුණු /

බෝසත් උපත ආශ්චර්ය අද්භූත ධර්මතාවයකි

(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, මජ්ඣිම නිකාය 3, අච්ඡරියබ්භුත සූත්‍රය - පිටු අංක 286 - 295)

බෝසතාණන් වහන්සේ මව් කුසින් බිහි වන අවස්ථාවේ සිදු වන ආශ්චර්ය අද්භූත ධර්මතා

  • සෙසු ස්ත්‍රීහු ඉඳගෙන හෝ සැතපෙන ඉරියව්වෙන් දරු ප්‍රසූතිය කරත් ද, බෝසත් මව එසේ දරු ප්‍රසූතිය නොකරයි. බෝසත් මව දරු ප්‍රසූතිය සිටගෙන ම සිදු කරයි.
  • යම් දිනෙක බෝසත් තෙම මව් කුසින් නික්මේ ද පළමු ව දෙවියෝ ඔහු පිළිගනිති. පසු ව මිනිස්සු පිළිගනිති.
  • යම් දිනෙක බෝසත් තෙම මව් කුසින් නික්මේ ද ඒ බෝසත් තෙම පොළවට පැමිණීමට පෙර සතර දෙව් පුත් කෙනෙක් විසින් පිළිගෙන බෝසත් මව ඉදිරියෙහි තබා “දේවිය සතුටු වන්න. ඔබට මහේශාක්‍ය පුතෙක් ඉපදුණි” යැයි පවසති.
  • යම් දිනෙක බෝසත් තෙම මව් කුසින් නික්මේ ද දියෙන් නොතැවරී, සෙමෙන් නොතැවරී, ලෙයින් නොතැවරී, කිසිදු අසූචියකින් නොතැවරී පිරිසිදු ව ම නික්මෙයි.
  • යම් දිනෙක බෝසත් තෙම මව් කුසින් නික්මේ ද එකල අහසින් සීතල සහ උෂ්ණ වශයෙන් දිය දහර දෙකක් පහළ වී බෝසත් හට ද සහ බෝසත් මවට ද දියෙන් සේදීම, නෑම ආදී ජල කෘත්‍යය කෙරෙයි.
  • උපන් අවස්ථාවේ දී ම බෝසත් තෙම සම පාදයෙන් පොළොවෙහි උතුරු දෙසට පියවර සතක් ගොස් සේසත් දරන කල්හි සියලු දිශාවන් දෙස බලා මෙසේ අභීත බස් කියයි. “මම ලොවට අග්‍ර වෙමි, මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි, මම ලොවට ජේෂ්ඨ වෙමි, මේ අවසන් ජාතිය වෙයි, නැවත පුනර්භවයක් නැත.”
  • යම් දිනෙක බෝසත් තෙම මව් කුසින් නික්මේ ද එකල දෙවියන්, මරුන්, බඹුන් සහ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ප්‍රජාවෙහි දෙවියන්ගේ දේව ආනුභාවය ද ඉක්මවා මහත් ආලෝකයක් ලොව පැතිර යයි.
  • යම් දිනෙක බෝසත් තෙම මව් කුසින් නික්මේ ද එකල මහත් ඉර්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳු හිරු දෙදෙනට ද ආලෝකමත් කළ නොහැකි අඳුරු වූ ඝන අඳුරින් යුත් ලෝකාන්තරික නිරයක් වේ ද එහි ද දේව ආනුභාවය ද ඉක්මවා මහත් ආලෝකයක් පැතිර යයි. එහි යම් සත්වයෙක් උපත ලබා සිටී ද ඔවුන් ද මෙහි තවත් සත්වයෝ ඇතැයි හඳුනා ගනිති. දස දහසක් ලෝක ධාතුව ද කම්පා වෙයි, අතිශයින් කම්පා වෙයි, අතිශයින් වෙවුලයි, දෙවියන්ගේ දේව ආනුභාවය ද ඉක්මවා මහත් ආලෝකයක් ලොව පැතිර යයි.

බාගත ​කිරීමට