අන්නදො බලදො හොති
වත්ථදො හොති වණ්ණදො
යානදො සුඛදො හොති
දීපදො හොති චක්ඛුදො
සො ච සබ්බදදො හොති
යො දදාති උපස්සයං
අමතංදදො ච සො හොති
යො ධම්මානුසාසතීති
ආහාර දෙන්නේ බලය දෙන්නේ වෙයි.
වස්ත්‍ර දෙන්නේ වර්ණය දෙන්නේ වෙයි.
යාන දෙන්නේ සැප දෙන්නේ වෙයි.
පහන් දෙන්නේ ඇස් දෙන්නේ වෙයි.
යමෙක් වාසස්ථාන දේ නම්
ඔහු සියල්ල දෙන්නේ වෙයි.
යමෙක් ධර්මානුශාසනා කරයි නම්
ඔහු නිර්වාණය දෙන්නේ වෙයි.