යම් කිසි මහණෙක් ‘මගේ දහම් අසන්නේ නම්, අසා පැහැදීමට පත් වේ නම්, පැහැදීමට පත් වූ අය මට පහන් වූ බව ප්‍රකාශ කරන්නේ නම් ඉතා මැනවි’ යන මෙබඳු ආකාර සිත් ඇති ව අනුන්ට දහම් දෙසයි නම් මෙ බඳු මහණහුගේ දහම් දෙසුම අපිරිසිදු වෙයි.
යම් කිසි මහණෙක් ‘භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ස්වක්ඛාතය, සන්දිට්ඨිකය, අකාලිකය, එහිපස්සිකය, ඔපනයිකය, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහීති’ යනුවෙන් මෙබඳු සිතැති ව ධර්මය දේශනා කරයි. ‘මාගේ ධර්මය අසන්නේ නම්, අසා හොඳින් දැනගන්නේ නම්, හොඳින් දැන සත්‍ය අවබෝධය පිණිස පිළිපදී නම් ඉතා යහපති’. මෙසේ ධර්මයේ යහපත් බව නිසා ධර්මය දේශනා කරයි නම්, කරුණාව නිසා ධර්මය දේශනා කරයි නම්, මෛත්‍රිය දයාව නිසා ධර්මය දේශනා කරයි නම්, අනුකම්පාව නිසා ධර්මය දේශනා කරයි නම් මෙබඳු මහණහුගේ දහම් දෙසුම පිරිසිදු වෙයි.