Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / දහම් කරුණු වල නිවැරදි අර්ථ සහ පැහැදිලි කිරීම් /

ආර්යයෝ කවරහු ද අනාර්යයෝ කවරහු ද

අනාර්ය පිරිස හා ආර්ය පිරිස ගැන දෙසූ දෙසුම ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 1, දුක නිපාතය - පිටු අංක 138 - 141)

අනාර්ය පිරිස කවුරුන් ද යත්;

මෙ සස්නෙහි යම් භික්ෂු පිරිසක්,

  • මේ දුක යැයි තත් වූ පරිදි මනා සේ නොදනිති.
  • මේ දුකේ හටගැනීම යැයි තත් වූ පරිදි මනා සේ නොදනිති.
  • මේ දුකේ නිරෝධය (සමූල ඝාතනය) යැයි තත් වූ පරිදි මනා සේ නොදනිති.
  • මේ දුක්ඛ නිරෝධය සඳහා වූ ප්‍රතිපදාව යැයි තත් වූ පරිදි මනා සේ නොදනිති.

මේ අනාර්ය පිරිස යැයි කියනු ලැබෙයි.

ආර්ය පිරිස කවුරුන් ද යත්;

මේ සස්නෙහි යම් භික්ෂු පිරිසක්,

  • මේ දුක යැයි තත් වූ පරිදි මනා සේ දනිති.
  • මේ දුකේ හටගැනීම යැයි තත්වූ පරිදි මනා සේ දනිති.
  • මේ දුකේ නිරෝධය යැයි තත් වූ පරිදි මනා සේ දනිති.
  • මේ දුක්ඛ නිරෝධය සඳහා වූ ප්‍රතිපදාව යැයි තත් වූ පරිදි මනා සේ දනිති.

මේ ආර්ය පිරිස යැයි කියනු ලැබෙයි.

මේ පිරිස් දෙක අතරින් යම් ආර්ය පිරිසක් වේ ද ඒ අය ම අග්‍ර වෙති.


බාගත ​කිරීමට