Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / උපාසක උපාසිකාවන්ට ආවේණික කරුණු සහ උපදෙස් /

කුමන මහණ බමුණන්ට සත්කාර ගරු බුහුමන් පුද පූජා කළ යුතු ද?
කුමන මහණ බමුණන්ට සත්කාර ගරු බුහුමන් පුද පූජා නොකළ යුතු ද?

නගරවින්දෙය්‍ය සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, මජ්ඣිම නිකාය 3 - පිටු අංක 602 - 607)

එක් කලෙක බුදු රජාණන් වහන්සේ මහා භික්ෂු සංඝයා සමඟ චාරිකාවේ යන අතරතුර කොසොල් රට නගරවින්ද නම් බමුණු ගමට වැඩි සේක. නගරවින්ද ගමෙහි ගෘහපතියෝ භාග්‍යවතුන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය ද, මේ ලෝකය සම්පූර්ණයෙන් අවබෝධ කොට ලොවට ප්‍රකාශ කරන බව ද, මුල මැද සහ අග යහපත් වූ සියලු දුකෙන් මිදීම පිණිස පවතින ධර්මය ලොවට ප්‍රකාශ කරන බව ද, එවැනි රහතුන්ගේ දැකීම යහපත් බව ද ඇසූහ. පසු ව ඒ නගරවින්ද ගෘහපතියෝ භාග්‍යවතුන් වහන්සේ හමුවීමට පැමිණ එකත්පස් ව ඉඳගත්හ.

භාග්‍යවතුන් වහන්සේ විසින් ඔවුන්ට මෙසේ වදාළ සේක.

‘ගෘහපතියනි, කුමන ආකාරයේ මහණන්ට බමුණන්ට සත්කාර නොකළ යුතු ද? ගරු නොකළ යුතු ද? බුහුමන් නොකළ යුතු ද? නොපිදිය යුතු ද?’ යැයි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ (බුදු සසුනෙන් පිටත පැවිදි තාපසයෝ) නුඹලාගෙන් මෙසේ ඇසුවහොත් නුඹලා විසින් මෙසේ පිළිතුරු දිය යුතුය.

යම් මහණ බමුණු කෙනෙක් ඇසෙන් දත යුතු රූප කෙරෙහි ප්‍රහාණය නොවූ රාගය ඇති ව, ප්‍රහාණය නොවූ ද්වේෂය ඇති ව, ප්‍රහාණය නොවූ මෝහය ඇති ව තමා තුළ නොසන්සුන් සිත් ඇති ව හැසිරෙත් ද, සිතෙන්, වචනයෙන් සහ කයෙන් සම (එක විදියකට, නිසි, යෝග්‍ය) ව සහ විසම ව (නොයෙක් නොයෙක් ආකාරයෙන්) හැසිරෙත් ද මෙවැනි මහණ බමුණන්ට සත්කාර නොකළ යුතු වෙති. ගරු නොකළ යුතු වෙති. බුහුමන් නොකළ යුතු වෙති. නොපිදිය යුතු වෙති.

ඒ කුමක් නිසා ද යත්; අපි ද ඇසෙන් දත යුතු රූප කෙරෙහි ප්‍රහාණය නොවූ රාගය ඇති ව හැසිරෙන්නෙමු, ප්‍රහාණය නොවූ ද්වේෂය ඇති ව හැසිරෙන්නෙමු, ප්‍රහාණය නොවූ මෝහය ඇති ව හැසිරෙන්නෙමු. මෙසේ තමා තුළ නොසන්සුන් සිත් ඇති ව හැසිරෙන්නෙමු. සිතෙන්, වචනයෙන් සහ කයෙන් සම ව සහ විසම ව හැසිරෙන්නෙමු.

මෙයින් මතු වෙනස් හැසිරීමක් නොදක්නා අපට මේ මහණ බමුණන්ගේ හැසිරීම ද අපගේ හැසිරීමට සමාන බැවින් ඔවුන් සහ අප අතර වෙනසක් නොමැති බැවින් මෙවැනි මහණ බමුණන්ට සත්කාර නොකළ යුතු වෙති. ගරු නොකළ යුතු වෙති. බුහුමන් නොකළ යුතු වෙති. නොපිදිය යුතු වෙති.

යම් මහණ බමුණු කෙනෙක් කනෙන් දත යුතු ශබ්ද කෙරෙහි ප්‍රහාණය නොවූ රාගය ඇති ව, ප්‍රහාණය නොවූ ද්වේෂය ඇති ව, ප්‍රහාණය නොවූ මෝහය ඇති ව තමා තුළ නොසන්සුන් සිත් ඇති ව හැසිරෙත් ද, සිතෙන්, වචනයෙන් සහ කයෙන් සම ව සහ විසම ව හැසිරෙත් ද මෙවැනි මහණ බමුණන්ට සත්කාර නොකළ යුතු වෙති. ගරු නොකළ යුතු වෙති. බුහුමන් නොකළ යුතු වෙති. නොපිදිය යුතු වෙති.

ඒ කුමක් නිසා ද යත්; අපි ද කනෙන් දත යුතු ශබ්ද කෙරෙහි ප්‍රහාණය නොවූ රාගය ඇති ව හැසිරෙන්නෙමු, ප්‍රහාණය නොවූ ද්වේෂය ඇති ව හැසිරෙන්නෙමු, ප්‍රහාණය නොවූ මෝහය ඇති ව හැසිරෙන්නෙමු. මෙසේ තමා තුළ නොසන්සුන් සිත් ඇති ව හැසිරෙන්නෙමු. සිතෙන්, වචනයෙන් සහ කයෙන් සම ව සහ විසම ව හැසිරෙන්නෙමු.

මෙයින් මතු වෙනස් හැසිරීමක් නොදක්නා අපට මේ මහණ බමුණන්ගේ හැසිරීම ද අපගේ හැසිරීමට සමාන බැවින් ඔවුන් සහ අප අතර වෙනසක් නොමැති බැවින් මෙවැනි මහණ බමුණන්ට සත්කාර නොකළ යුතු වෙති. ගරු නොකළ යුතු වෙති. බුහුමන් නොකළ යුතු වෙති. නොපිදිය යුතු වෙති.

යම් මහණ බමුණු කෙනෙක් නහයෙන් දත යුතු ගන්ධ කෙරෙහි ප්‍රහාණය නොවූ රාගය ඇති ව, ප්‍රහාණය නොවූ ද්වේෂය ඇති ව, ප්‍රහාණය නොවූ මෝහය ඇති ව තමා තුළ නොසන්සුන් සිත් ඇති ව හැසිරෙත් ද, සිතෙන්, වචනයෙන් සහ කයෙන් සම ව සහ විසම ව හැසිරෙත් ද මෙවැනි මහණ බමුණන්ට සත්කාර නොකළ යුතු වෙති. ගරු නොකළ යුතු වෙති. බුහුමන් නොකළ යුතු වෙති. නොපිදිය යුතු වෙති.

ඒ කුමක් නිසා ද යත්; අපි ද නහයෙන් දත යුතු ගන්ධ කෙරෙහි ප්‍රහාණය නොවූ රාගය ඇති ව හැසිරෙන්නෙමු, ප්‍රහාණය නොවූ ද්වේෂය ඇති ව හැසිරෙන්නෙමු, ප්‍රහාණය නොවූ මෝහය ඇති ව හැසිරෙන්නෙමු. මෙසේ තමා තුළ නොසන්සුන් සිත් ඇති ව හැසිරෙන්නෙමු. සිතෙන්, වචනයෙන් සහ කයෙන් සම ව සහ විසම ව හැසිරෙන්නෙමු.

මෙයින් මතු වෙනස් හැසිරීමක් නොදක්නා අපට මේ මහණ බමුණන්ගේ හැසිරීම ද අපගේ හැසිරීමට සමාන බැවින් ඔවුන් සහ අප අතර වෙනසක් නොමැති බැවින් මෙවැනි මහණ බමුණන්ට සත්කාර නොකළ යුතු වෙති. ගරු නොකළ යුතු වෙති. බුහුමන් නොකළ යුතු වෙති. නොපිදිය යුතු වෙති.

යම් මහණ බමුණු කෙනෙක් දිවෙන් දත යුතු රස කෙරෙහි ප්‍රහාණය නොවූ රාගය ඇති ව, ප්‍රහාණය නොවූ ද්වේෂය ඇති ව, ප්‍රහාණය නොවූ මෝහය ඇති ව තමා තුළ නොසන්සුන් සිත් ඇති ව හැසිරෙත් ද, සිතෙන්, වචනයෙන් සහ කයෙන් සම ව සහ විසම ව හැසිරෙත් ද මෙවැනි මහණ බමුණන්ට සත්කාර නොකළ යුතු වෙති. ගරු නොකළ යුතු වෙති. බුහුමන් නොකළ යුතු වෙති. නොපිදිය යුතු වෙති.

ඒ කුමක් නිසා ද යත්; අපි ද දිවෙන් දත යුතු රස කෙරෙහි ප්‍රහාණය නොවූ රාගය ඇති ව හැසිරෙන්නෙමු, ප්‍රහාණය නොවූ ද්වේෂය ඇති ව හැසිරෙන්නෙමු, ප්‍රහාණය නොවූ මෝහය ඇති ව හැසිරෙන්නෙමු. මෙසේ තමා තුළ නොසන්සුන් සිත් ඇති ව හැසිරෙන්නෙමු. සිතෙන්, වචනයෙන් සහ කයෙන් සම ව සහ විසම ව හැසිරෙන්නෙමු.

මෙයින් මතු වෙනස් හැසිරීමක් නොදක්නා අපට මේ මහණ බමුණන්ගේ හැසිරීම ද අපගේ හැසිරීමට සමාන බැවින් ඔවුන් සහ අප අතර වෙනසක් නොමැති බැවින් මෙවැනි මහණ බමුණන්ට සත්කාර නොකළ යුතු වෙති. ගරු නොකළ යුතු වෙති. බුහුමන් නොකළ යුතු වෙති. නොපිදිය යුතු වෙති.

යම් මහණ බමුණු කෙනෙක් කයෙන් දත යුතු පහස කෙරෙහි ප්‍රහාණය නොවූ රාගය ඇති ව, ප්‍රහාණය නොවූ ද්වේෂය ඇති ව, ප්‍රහාණය නොවූ මෝහය ඇති ව තමා තුළ නොසන්සුන් සිත් ඇති ව හැසිරෙත් ද, සිතෙන්, වචනයෙන් සහ කයෙන් සම ව සහ විසම ව හැසිරෙත් ද මෙවැනි මහණ බමුණන්ට සත්කාර නොකළ යුතු වෙති. ගරු නොකළ යුතු වෙති. බුහුමන් නොකළ යුතු වෙති. නොපිදිය යුතු වෙති.

ඒ කුමක් නිසා ද යත්; අපි ද කයෙන් දත යුතු පහස කෙරෙහි ප්‍රහාණය නොවූ රාගය ඇති ව හැසිරෙන්නෙමු, ප්‍රහාණය නොවූ ද්වේෂය ඇති ව හැසිරෙන්නෙමු, ප්‍රහාණය නොවූ මෝහය ඇති ව හැසිරෙන්නෙමු. මෙසේ තමා තුළ නොසන්සුන් සිත් ඇති ව හැසිරෙන්නෙමු. සිතෙන්, වචනයෙන් සහ කයෙන් සම ව සහ විසම ව හැසිරෙන්නෙමු. මෙයින් මතු වෙනස් හැසිරීමක් නොදක්නා අපට මේ මහණ බමුණන්ගේ හැසිරීම ද අපගේ හැසිරීමට සමාන බැවින් ඔවුන් සහ අප අතර වෙනසක් නොමැති බැවින් මෙවැනි මහණ බමුණන්ට සත්කාර නොකළ යුතු වෙති. ගරු නොකළ යුතු වෙති. බුහුමන් නොකළ යුතු වෙති. නොපිදිය යුතු වෙති.

යම් මහණ බමුණු කෙනෙක් සිතෙන් දත යුතු සිතුවිලි කෙරෙහි ප්‍රහාණය නොවූ රාගය ඇති ව, ප්‍රහාණය නොවූ ද්වේෂය ඇති ව, ප්‍රහාණය නොවූ මෝහය ඇති ව තමා තුළ නොසන්සුන් සිත් ඇති ව හැසිරෙත් ද, සිතෙන්, වචනයෙන් සහ කයෙන් සම ව සහ විසම ව හැසිරෙත් ද මෙවැනි මහණ බමුණන්ට සත්කාර නොකළ යුතු වෙති. ගරු නොකළ යුතු වෙති. බුහුමන් නොකළ යුතු වෙති. නොපිදිය යුතු වෙති.

ඒ කුමක් නිසා ද යත්; අපි ද සිතෙන් දත යුතු සිතුවිලි කෙරෙහි ප්‍රහාණය නොවූ රාගය ඇති ව හැසිරෙන්නෙමු, ප්‍රහාණය නොවූ ද්වේෂය ඇති ව හැසිරෙන්නෙමු, ප්‍රහාණය නොවූ මෝහය ඇති ව හැසිරෙන්නෙමු. මෙසේ තමා තුළ නොසන්සුන් සිත් ඇති ව හැසිරෙන්නෙමු. සිතෙන්, වචනයෙන් සහ කයෙන් සම ව සහ විසම ව හැසිරෙන්නෙමු.

මෙයින් මතු වෙනස් හැසිරීමක් නොදක්නා අපට මේ මහණ බමුණන්ගේ හැසිරීම ද අපගේ හැසිරීමට සමාන බැවින් ඔවුන් සහ අප අතර වෙනසක් නොමැති බැවින් මෙවැනි මහණ බමුණන්ට සත්කාර නොකළ යුතු වෙති. ගරු නොකළ යුතු වෙති. බුහුමන් නොකළ යුතු වෙති. නොපිදිය යුතු වෙති.

මෙසේ ගිහිගෙයි වසන නුඹලා විසින් ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට බෙදා විස්තර කොට පෙන්වා දිය යුතුය.

‘ගෘහපතියනි, කුමන ආකාරයේ මහණන්ට බමුණන්ට සත්කාර කළ යුතු ද? ගරු කළ යුතු ද? බුහුමන් කළ යුතු ද? පිදිය යුතු ද?’ යැයි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ නුඹලාගෙන් මෙසේ ඇසුවහොත් නුඹලා විසින් මෙසේ පිළිතුරු දිය යුතුය.

යම් මහණ බමුණු කෙනෙක් ඇසෙන් දත යුතු රූප කෙරෙහි ප්‍රහාණය වූ රාගය ඇති ව, ප්‍රහාණය වූ ද්වේෂය ඇති ව, ප්‍රහාණය වූ මෝහය ඇති ව තමා තුළ සන්සුන් සිත් ඇති ව හැසිරෙත් ද, සිතෙන්, වචනයෙන් සහ කයෙන් සම ව හැසිරෙත් ද මෙවැනි මහණ බමුණෝ සත්කාර කළ යුතු වෙති. ගරු කළ යුතු වෙති. බුහුමන් කළ යුතු වෙති. පිදිය යුතු වෙති.

ඒ කුමක් නිසා ද යත්; අපි ඇසෙන් දත යුතු රූප කෙරෙහි ප්‍රහාණය නොවූ රාගය ඇති ව හැසිරෙන්නෙමු, ප්‍රහාණය නොවූ ද්වේෂය ඇති ව හැසිරෙන්නෙමු, ප්‍රහාණය නොවූ මෝහය ඇති ව හැසිරෙන්නෙමු. අපි මෙසේ තමා තුළ නොසන්සුන් සිත් ඇති ව හැසිරෙන්නෙමු. එසේ ම අපි සිතෙන්, වචනයෙන් සහ කයෙන් සම ව සහ විසම ව හැසිරෙන්නෙමු.

අපගේ හැසිරීමට වඩා මේ මහණ බමුණන්ගේ මෙයින් මතු උතුම් හැසිරීමක් දකින්නෙමු. මේ මහණ බමුණන්ගේ හැසිරීම අපගේ හැසිරීමට වඩා උතුම් බැවින් ඔවුන් සහ අප අතර වෙනසක් ඇත. එබැවින් මෙවැනි මහණ බමුණෝ සත්කාර කළ යුතු වෙති. ගරු කළ යුතු වෙති. බුහුමන් කළ යුතු වෙති. පිදිය යුතු වෙති.

යම් මහණ බමුණු කෙනෙක් කනෙන් දත යුතු ශබ්ද කෙරෙහි ප්‍රහාණය වූ රාගය ඇති ව, ප්‍රහාණය වූ ද්වේෂය ඇති ව, ප්‍රහාණය වූ මෝහය ඇති ව තමා තුළ සන්සුන් සිත් ඇති ව හැසිරෙත් ද, සිතෙන්, වචනයෙන් සහ කයෙන් සම ව හැසිරෙත් ද මෙවැනි මහණ බමුණෝ සත්කාර කළ යුතු වෙති. ගරු කළ යුතු වෙති. බුහුමන් කළ යුතු වෙති. පිදිය යුතු වෙති.

ඒ කුමක් නිසා ද යත්; අපි කනෙන් දත යුතු ශබ්ද කෙරෙහි ප්‍රහාණය නොවූ රාගය ඇති ව හැසිරෙන්නෙමු, ප්‍රහාණය නොවූ ද්වේෂය ඇති ව හැසිරෙන්නෙමු, ප්‍රහාණය නොවූ මෝහය ඇති ව හැසිරෙන්නෙමු. අපි මෙසේ තමා තුළ නොසන්සුන් සිත් ඇති ව හැසිරෙන්නෙමු. එසේ ම අපි සිතෙන්, වචනයෙන් සහ කයෙන් සම ව සහ විසම ව හැසිරෙන්නෙමු.

අපගේ හැසිරීමට වඩා මේ මහණ බමුණන්ගේ මෙයින් මතු උතුම් හැසිරීමක් දකින්නෙමු. මේ මහණ බමුණන්ගේ හැසිරීම අපගේ හැසිරීමට වඩා උතුම් බැවින් ඔවුන් සහ අප අතර වෙනසක් ඇත. එබැවින් මෙවැනි මහණ බමුණෝ සත්කාර කළ යුතු වෙති. ගරු කළ යුතු වෙති. බුහුමන් කළ යුතු වෙති. පිදිය යුතු වෙති.

යම් මහණ බමුණු කෙනෙක් නහයෙන් දත යුතු ගන්ධ කෙරෙහි ප්‍රහාණය වූ රාගය ඇති ව, ප්‍රහාණය වූ ද්වේෂය ඇති ව, ප්‍රහාණය වූ මෝහය ඇති ව තමා තුළ සන්සුන් සිත් ඇති ව හැසිරෙත් ද, සිතෙන්, වචනයෙන් සහ කයෙන් සම ව හැසිරෙත් ද මෙවැනි මහණ බමුණෝ සත්කාර කළ යුතු වෙති. ගරු කළ යුතු වෙති. බුහුමන් කළ යුතු වෙති. පිදිය යුතු වෙති.

ඒ කුමක් නිසා ද යත්; අපි නහයෙන් දත යුතු ගන්ධ කෙරෙහි ප්‍රහාණය නොවූ රාගය ඇති ව හැසිරෙන්නෙමු, ප්‍රහාණය නොවූ ද්වේෂය ඇති ව හැසිරෙන්නෙමු, ප්‍රහාණය නොවූ මෝහය ඇති ව හැසිරෙන්නෙමු. අපි මෙසේ තමා තුළ නොසන්සුන් සිත් ඇති ව හැසිරෙන්නෙමු. එසේ ම අපි සිතෙන්, වචනයෙන් සහ කයෙන් සම ව සහ විසම ව හැසිරෙන්නෙමු.

අපගේ හැසිරීමට වඩා මේ මහණ බමුණන්ගේ මෙයින් මතු උතුම් හැසිරීමක් දකින්නෙමු. මේ මහණ බමුණන්ගේ හැසිරීම අපගේ හැසිරීමට වඩා උතුම් බැවින් ඔවුන් සහ අප අතර වෙනසක් ඇත. එබැවින් මෙවැනි මහණ බමුණෝ සත්කාර කළ යුතු වෙති. ගරු කළ යුතු වෙති. බුහුමන් කළ යුතු වෙති. පිදිය යුතු වෙති.

යම් මහණ බමුණු කෙනෙක් දිවෙන් දත යුතු රස කෙරෙහි ප්‍රහාණය වූ රාගය ඇති ව, ප්‍රහාණය වූ ද්වේෂය ඇති ව, ප්‍රහාණය වූ මෝහය ඇති ව තමා තුළ සන්සුන් සිත් ඇති ව හැසිරෙත් ද, සිතෙන්, වචනයෙන් සහ කයෙන් සම ව හැසිරෙත් ද මෙවැනි මහණ බමුණෝ සත්කාර කළ යුතු වෙති. ගරු කළ යුතු වෙති. බුහුමන් කළ යුතු වෙති. පිදිය යුතු වෙති.

ඒ කුමක් නිසා ද යත්; අපි දිවෙන් දත යුතු රස කෙරෙහි ප්‍රහාණය නොවූ රාගය ඇති ව හැසිරෙන්නෙමු, ප්‍රහාණය නොවූ ද්වේෂය ඇති ව හැසිරෙන්නෙමු, ප්‍රහාණය නොවූ මෝහය ඇති ව හැසිරෙන්නෙමු. අපි මෙසේ තමා තුළ නොසන්සුන් සිත් ඇති ව හැසිරෙන්නෙමු. එසේ ම අපි සිතෙන්, වචනයෙන් සහ කයෙන් සම ව සහ විසම ව හැසිරෙන්නෙමු.

අපගේ හැසිරීමට වඩා මේ මහණ බමුණන්ගේ මෙයින් මතු උතුම් හැසිරීමක් දකින්නෙමු. මේ මහණ බමුණන්ගේ හැසිරීම අපගේ හැසිරීමට වඩා උතුම් බැවින් ඔවුන් සහ අප අතර වෙනසක් ඇත. එබැවින් මෙවැනි මහණ බමුණෝ සත්කාර කළ යුතු වෙති. ගරු කළ යුතු වෙති. බුහුමන් කළ යුතු වෙති. පිදිය යුතු වෙති.

යම් මහණ බමුණු කෙනෙක් කයෙන් දත යුතු පහස කෙරෙහි ප්‍රහාණය වූ රාගය ඇති ව, ප්‍රහාණය වූ ද්වේෂය ඇති ව, ප්‍රහාණය වූ මෝහය ඇති ව තමා තුළ සන්සුන් සිත් ඇති ව හැසිරෙත් ද, සිතෙන්, වචනයෙන් සහ කයෙන් සම ව හැසිරෙත් ද මෙවැනි මහණ බමුණෝ සත්කාර කළ යුතු වෙති. ගරු කළ යුතු වෙති. බුහුමන් කළ යුතු වෙති. පිදිය යුතු වෙති.

ඒ කුමක් නිසා ද යත්; අපි කයෙන් දත යුතු පහස කෙරෙහි ප්‍රහාණය නොවූ රාගය ඇති ව හැසිරෙන්නෙමු, ප්‍රහාණය නොවූ ද්වේෂය ඇති ව හැසිරෙන්නෙමු, ප්‍රහාණය නොවූ මෝහය ඇති ව හැසිරෙන්නෙමු. අපි මෙසේ තමා තුළ නොසන්සුන් සිත් ඇති ව හැසිරෙන්නෙමු. එසේ ම අපි සිතෙන්, වචනයෙන් සහ කයෙන් සම ව සහ විසම ව හැසිරෙන්නෙමු. අපගේ හැසිරීමට වඩා මේ මහණ බමුණන්ගේ මෙයින් මතු උතුම් හැසිරීමක් දකින්නෙමු.

මේ මහණ බමුණන්ගේ හැසිරීම අපගේ හැසිරීමට වඩා උතුම් බැවින් ඔවුන් සහ අප අතර වෙනසක් ඇත. එබැවින් මෙවැනි මහණ බමුණෝ සත්කාර කළ යුතු වෙති. ගරු කළ යුතු වෙති. බුහුමන් කළ යුතු වෙති. පිදිය යුතු වෙති.

යම් මහණ බමුණු කෙනෙක් සිතෙන් දත යුතු සිතුවිලි කෙරෙහි ප්‍රහාණය වූ රාගය ඇති ව, ප්‍රහාණය වූ ද්වේෂය ඇති ව, ප්‍රහාණය වූ මෝහය ඇති ව තමා තුළ සන්සුන් සිත් ඇති ව හැසිරෙත් ද, සිතෙන්, වචනයෙන් සහ කයෙන් සම ව හැසිරෙත් ද මෙවැනි මහණ බමුණෝ සත්කාර කළ යුතු වෙති. ගරු කළ යුතු වෙති. බුහුමන් කළ යුතු වෙති. පිදිය යුතු වෙති.

ඒ කුමක් නිසා ද යත්; අපි සිතෙන් දත යුතු සිතුවිලි කෙරෙහි ප්‍රහාණය නොවූ රාගය ඇති ව හැසිරෙන්නෙමු, ප්‍රහාණය නොවූ ද්වේෂය ඇති ව හැසිරෙන්නෙමු, ප්‍රහාණය නොවූ මෝහය ඇති ව හැසිරෙන්නෙමු. අපි මෙසේ තමා තුළ නොසන්සුන් සිත් ඇති ව හැසිරෙන්නෙමු. එසේ ම අපි සිතෙන්, වචනයෙන් සහ කයෙන් සම ව සහ විසම ව හැසිරෙන්නෙමු.

අපගේ හැසිරීමට වඩා මේ මහණ බමුණන්ගේ මෙයින් මතු උතුම් හැසිරීමක් දකින්නෙමු. මේ මහණ බමුණන්ගේ හැසිරීම අපගේ හැසිරීමට වඩා උතුම් බැවින් ඔවුන් සහ අප අතර වෙනසක් ඇත. එබැවින් මෙවැනි මහණ බමුණෝ සත්කාර කළ යුතු වෙති. ගරු කළ යුතු වෙති. බුහුමන් කළ යුතු වෙති. පිදිය යුතු වෙති.

මෙසේ ගිහිගෙයි වසන නුඹලා විසින් ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට බෙදා විස්තර කොට පෙන්වා දිය යුතුය.

‘ගෘහපතියනි, කුමන ගුණයක්, කුමන හේතුවක් සලකා බලා නුඹලා ඒ මහණ බමුණෝ ඒකාන්තයෙන් රාගය ප්‍රහාණය කළ හෝ රාගය ප්‍රහාණය පිණිස ගමන් කරන්නෝය, ඒකාන්තයෙන් ද්වේෂය ප්‍රහාණය කළ හෝ ද්වේෂය ප්‍රහාණය පිණිස ගමන් කරන්නෝය, ඒකාන්තයෙන් මෝහය ප්‍රහාණය කළ හෝ මෝහය ප්‍රහාණය පිණිස ගමන් කරන්නෝය යැයි කියන්නෙහු දැයි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් විසින් නුඹලාගෙන් ඇසුවහොත් නුඹලා විසින් මෙසේ පිළිතුරු දිය යුතුය.

එය එසේ ම වෙයි. ඒ මහණ බමුණෝ ආරණ්‍ය, වන සෙනසුන්, දුර ඈත ගමෙහි කෙළවර වූ සෙනසුන්හි වාසය කරන්නෝය. එහි සිත් ඇදගන්නා සුලු, සිත් අලවන ඇසෙන් දත යුතු රූපයෝ නැත. එහි සිත් ඇදගන්නා සුලු, සිත් අලවන කනෙන් දත යුතු ශබ්දයෝ නැත. එහි සිත් ඇදගන්නා සුලු, සිත් අලවන නාසයෙන් දත යුතු ගන්ධයෝ නැත. එහි සිත් ඇදගන්නා සුලු, සිත් අලවන කයෙන් දත යුතු ස්පර්ශයෝ නැත. ඒ හේතුවෙන් ඒ මහණ බමුණෝ ඒකාන්තයෙන් රාගය ප්‍රහාණය කළ හෝ රාගය ප්‍රහාණය පිණිස ගමන් කරන්නෝ වෙති. ඒකාන්තයෙන් ද්වේෂය ප්‍රහාණය කළ හෝ ද්වේෂය ප්‍රහාණය පිණිස ගමන් කරන්නෝ වෙති. ඒකාන්තයෙන් මෝහය ප්‍රහාණය කළ හෝ මෝහය ප්‍රහාණය පිණිස ගමන් කරන්නෝ වෙති.

මෙසේ ගිහිගෙයි වසන නුඹලා විසින් ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට බෙදා විස්තර කොට පෙන්වා දිය යුතුය.


බාගත ​කිරීමට