Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / උපාසක උපාසිකාවන්ට ආවේණික කරුණු සහ උපදෙස් /

සර්වඥ ධාතු පූජාව නිවන් දකින තෙක් සුගතියට මගකි

පච්චුපට්ඨාන ස්ථවිරාවදානය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, ඛුද්දක නිකාය, අපදානපාළි 1 - පිටු අංක 262 - 265)

අත්ථදස්සී බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පෑ පසු එම සර්වඥ ධාතූ නිදන් කොට සෑයක් කළ යක්ෂයෙක් අවුරුදු පහක් එයට පූජා පැවැත්වූවා. ඒ පිනෙන් සක්විති රජ පදවි දැරුවා. ගෞතම බුද්ධ ශාසනයේ සියලු කෙලෙසුන් නසා සසර ගමන කෙළවර කළා.

චිත්ත ප්‍රසාදය සමාන නම් පින ද සමානය. එහෙයින් ජීවමාන බුදු රජාණන් වහන්සේ යයි සිතා පිරිනිවන් පෑ බුදු රජාණන් වහන්සේගේ අබ ඇටයක පමණ වුවත් ධාතු පිදීම මහත්ඵල මහානිසංස වෙයි.


බාගත ​කිරීමට