එක් මෙහෙකරුවෙක් අපායෙන් නිදහස් වීමට පිනක් කිරීමට සිතා ඔහුගේ ස්වාමියාගෙන් එක් දිනක වැඩ ඉල්ලා ගෙන වනයට ගොස් තණ කොළවලින් කුටියක් කර සංඝ රත්නයට පූජා කළා.
එතැන් සිට කල්ප අනූ එකක් ඔහු ඉපදුණේ සුගතියේ පමණයි. එසේම තම අදහසට අනුව අලංකාර දිව්‍ය විමාන, ප්‍රාසාද පහළ විය. භයානක සතුන්, කුම්භාණ්ඩයන්, රකුසන් ඔහු කෙරෙන් ඉවත් වුණා. පවිටු සිහින පෙනුනේ නැහැ. මනා සිහි නුවණින් ම යුක්ත වුණා. ගෞතම බුදු සසුනේ පැවිදි ව රහත් බව ලබා සසර ගමන කෙළවර කළේය. මේ ඒ කුටි පූජාවේ ආනිසංසයයි.