Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / උපාසක උපාසිකාවන්ට ආවේණික කරුණු සහ උපදෙස් /

ඔබත් සැදැහැවත් කුල පුත්‍රයෙක් නම්
අනුසස් පහකට කැමති විය යුතුය

සද්ධ සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 3 - පිටු අංක 64 - 67)

සැදැහැවත් කුල පුත්‍රයා කෙරෙහි අනුසස් පහකි.

  • ලොවෙහි යම් ශාන්ත සත්පුරුෂයෝ සිටිත් ද ඔවුහු පළමු ව ම සැදැහැවත් වූවන්ට අනුකම්පා කරති. එසේ සැදැහැවත් නොවූවන්ට පළමු ව අනුකම්පා නොකරති.
  • ලොවෙහි යම් ශාන්ත සත්පුරුෂයෝ සිටිත් ද ඔවුහු සැදැහැවත් පුද්ගලයා වෙත ම පළමු ව පැමිණෙති. එසේ සැදැහැවත් නොවූ පුද්ගලයා කෙරේ පළමු ව නොපැමිණෙති.
  • ලොවෙහි යම් ශාන්ත සත්පුරුෂයෝ සිටිත් ද ඔවුහු සිව් පසය සැදැහැවතාගෙන් ම පළමු ව පිළිගනිති. එසේ සැදැහැවත් නොවූවන්ගෙන් පළමු ව නොපිළිගනිති.
  • ලොවෙහි යම් ශාන්ත සත්පුරුෂයෝ සිටිත් ද ඔවුහු ධර්මය දේශනා කරන විට සැදැහැවත් වූවන්ට ම පළමු ව දේශනා කරති. එසේ සැදැහැවත් නොවූවන්ට පළමු ව දේශනා නොකරති.
  • සැදැහැවත් කුල පුත්‍රයා මරණින් පසු සුගති වූ දෙව් ලොවට පැමිණෙයි.

මනා බිමක සිව් මංසලක වූ මහා නුග ගසක් ඒ ප්‍රදේශයෙහි වසන කුරුල්ලන්ට බොහෝ පිළිසරණ වෙයි. එසේ ම සැදැහැවත් කුල පුත්‍රයා භික්ඛු, භික්ඛූණී, උපාසක, උපාසිකා යන පිරිසට බොහෝ පිළිසරණ වෙයි.


බාගත ​කිරීමට