Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / උපාසක උපාසිකාවන්ට ආවේණික කරුණු සහ උපදෙස් /

පොහොසත් ඔබ දුප්පත් නොවන්න

කුල සුත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 2 - පිටු අංක 478 - 479)

මහත් ධනවත් පවුලක් එසේ දිගු කලක් නොපවතී නම් (දුප්පත් වේ නම්) එයට හේතු වනුයේ,

  1. නැති වූ දේ ගැන නොසෙවීම
  2. දිරා ගිය දේ ප්‍රතිසංස්කරණය නොකිරීම
  3. මිම්මක් ප්‍රමාණයක් නැති ව ආහාර පාන ගැනීම
  4. දුසිල්වත් ස්ත්‍රියකු හෝ පුරුෂයෙකු පවුලේ අධිපතිභාවය දැරීම

යන කරුණු සතර ම හෝ මෙයින් එක් කරුණකින් හෝ කිහිපයකින් යුතු වීම වෙයි.

මහත් ධනවත් පවුලක් එසේ ධනවත් ව දිගු කලක් පවතී නම් එයට හේතු වනුයේ,

  1. නැති වූ දේ ගැන සොයා බැලීම
  2. දිරා ගිය දේ ප්‍රතිසංස්කරණය කිරීම
  3. මිම්මක් ප්‍රමාණයක් සහිත ව ආහාර පාන ගැනීම
  4. සිල්වත් ස්ත්‍රියකු හෝ පුරුෂයෙකු හෝ පවුලේ අධිපතිභාවය දැරීම

යන කරුණු සතර ම හෝ මෙයින් එක් කරුණකින් හෝ කිහිපයකින් යුතු වීම වෙයි.


බාගත ​කිරීමට