Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / උපාසක උපාසිකාවන්ට ආවේණික කරුණු සහ උපදෙස් /

ඔබ උපාසක චණ්ඩාලයෙක් ද උතුම් උපාසක පියුමක් ද

උපාසක චණ්ඩාල සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 3 - පිටු අංක 334 - 337)

කරුණු පසකින් සමන්වාගත උපාසකයා පහත්, ලාමක, කිලුටු තැවරුණු, පිළිකුල් සහගත උපාසක චණ්ඩාලයෙක් වෙයි. කවර පසකින් ද යත්,

  1. ශ්‍රද්ධාවන්ත නොවෙයි.
  2. දුසිල්වත් වෙයි.
  3. ඉන්ද්‍රියයන් පිනවීමට භෝජන සංග්‍රහ, මංගල උත්සව, වාර්ෂික ආගමික උත්සව ආදී උත්සව පවත්වයි.
  4. කර්මය නොව සුභ අසුභ නිමිති, පෙර නිමිති, නැකැත් ආදිය අදහයි.
  5. මේ සසුනෙන් බැහැර දන් දීමට සුදුස්සන් සොයයි. ඔවුන්ට මුලින් උපකාර කරයි.

කරුණු පසකින් සමන්වාගත උපාසකයා ඉතා උතුම් පිරිසිදු සුදු නෙළුමක් බඳු වෙයි. කවර පසකින් ද යත්,

  1. ශ්‍රද්ධාවන්ත වෙයි.
  2. සිල්වත් වෙයි.
  3. ඉන්ද්‍රියයන් පිනවීමට භෝජන සංග්‍රහ, මංගල උත්සව, වාර්ෂික ආගමික උත්සව ආදී උත්සව නොපවත්වයි.
  4. සුභ අසුභ නිමිති, පෙර නිමිති, නැකැත් ආදිය නොව කර්මය අදහයි.
  5. මේ සසුනෙන් බැහැර දන් දීමට සුදුස්සන් නොසොයයි. මේ සසුනෙහි අයට මුලින් උපකාර කරයි.

බාගත ​කිරීමට