Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / උපාසක උපාසිකාවන්ට ආවේණික කරුණු සහ උපදෙස් /

මසුරු නොවූ තුනුරුවන් සරණ ගිය දන් දෙන්නෝ
මෙලොව ද සතුටු වී පරලොව දී සුගතිගාමී වෙති

මච්ඡරිය සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, සංයුක්ත නිකාය 1 - පිටු අංක 60 - 61)

මිනිසත් බව ලැබූ, පහ වූ මසුරු කම්, ලෝභ කම් ඇති ව බුදුන්, දහම් සහ සඟුන් කෙරෙහි පැහැදුණු දැඩි ගෞරවයෙන් යුක්ත ව, පරිත්‍යාගශීලී යම් කෙනෙක් සිටී නම් ඔහු මරණින් මතු දෙව් ලොව උපදියි. එහි බබළයි. ඉදින් මිනිසත් බවට එයි නම් ආහාර, වස්ත්‍ර, කාම වස්තු සහ කෙළි ක්‍රීඩා පහසුවෙන් ලැබෙන මහත් ධනවත් පවුලක උපදියි.

මෙලොව දී අනුන් විසින් රැස් කරන ලද ධන ධාන්‍ය වස්තු පරිභෝග කර එහි අයිතිකරුවන් මෙන් සතුටු වෙයි. ඒ මෙලොව විපාකයයි. පරලොව සුගතිගාමී වෙයි.


බාගත ​කිරීමට