Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / උපාසක උපාසිකාවන්ට ආවේණික කරුණු සහ උපදෙස් /

කාමය අනිත්‍යයි කියන කාමයෙහි ගිජු ව අඹු දරුවන් සහ ධනය ඇසුරු කරන
ධර්මධර උපාසකයන්ට රාගය දුරු කිරීමට ශක්තියක් නොමැත

ඉසිදින්න ස්ථවිර ගාථා ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා‚ ථෙරථෙරීගාථාපාළි, ථෙරගාථා, දුකනිපාතය - පිටු අංක 70 - 71)

‘කාමයෝ අනිත්‍යය’යි කියන්නා වූ ධර්මධර උපාසකයෝ මා විසින් දක්නා ලදහ. ඔවුහු මැණික්, කර්ණාභරණ කෙරෙහි ඉතා ගිජු ව කාමයෙන් මැඬුනාහ. අඹු දරුවන් කෙරෙහි ද අපේක්ෂා ඇත්තෝය.

ඔවුහු ඒකාන්තයෙන් ම ධර්මය යථා ස්වභාවයෙන් නොදනිති. එසේ වුවත් ‘කාමයෝ අනිත්‍යය’යි කියති. ඔවුන්ට රාගය දුරු කිරීමට ශක්තියක් නොමැත. එ බැවින් අඹු දරුවන් හා ධනය ඇසුරු කරති.


බාගත ​කිරීමට