යම් පුතෙක් විසින් සිය ගෙදර දී දෙමව්පියන් පුදනු ලබත් ද ඒ කුලයෝ (පවුල්) බ්‍රහ්මයා සහිත වෙති.
යම් පුතෙක් විසින් දෙමාපියන් දෙදෙනා සිය ගෙදර දී පුදනු ලබත් ද එම කුලයෝ ප්‍රථම ආචාර්ය සහිත වෙති.
යම් පුතෙක් විසින් දෙමාපියන් දෙදෙනා සිය ගෙදර දී පුදනු ලබත් ද එම කුලයෝ ආහුණෙය්‍ය (පූජාවට යෝග්‍ය) සහිත වෙති.
බ්‍රහ්ම යනු මව්පියන්ට නමකි. ප්‍රථම ආචාර්ය යනු මව්පියන්ට නමකි. ආහුණෙය්‍ය යනු මව්පියන්ට නමකි. ඊට හේතු කවරේ ද යත්, මව්පියන් පුත්‍රයන්ට බොහෝ උපකාර ඇත්තෝ වෙති. අත් පා වඩා පෝෂණය කරන්නෝ වෙති. මේ ලෝකය දක්වන්නෝ වෙති.
මව්පියන් බ්‍රහ්ම යැයි ද, ප්‍රථම ආචාර්ය යැයි ද, ආහුණෙය්‍ය යැයි ද කියනු ලැබෙයි. ඔවුහු තම පුත්‍රයන් ට අනුකම්පා කරති. නුවණැත්තෝ මෙලොව දී මව්පියන්ට සලකන පුතුට ප්‍රශංසා කරති.
ඒ මව්පියන්ට සලකන පුතු පරලොව දී දෙව්ලොවට පැමිණ එහි දී ද සතුටු වෙයි.