Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / උපාසක උපාසිකාවන්ට ආවේණික කරුණු සහ උපදෙස් /

සැදැහැවත් ගෘහපතියා මුළු පවුල ම දෙව්ලොව ගෙන යයි

චූල වග්ගය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 1 - පිටු අංක 276 - 277)

සැදැහැවත් ගෘහපතියා (ගෙදර ප්‍රධානියා) ඇසුරු කොට පවුලේ පිරිස කරුණු තුනකින් වැඩෙයි.

  1. ශ්‍රද්ධාවෙන් වැඩෙයි.
  2. සීලයෙන් වැඩෙයි.
  3. ප්‍රඥාවෙන් වැඩෙයි.

මේ සැදැහැවත් ගෘහපතියා ඇසුරු කොට අඹු දරුවෝ ද, ඥාතීහු ද, මිත්‍රයෝ ද, තවත් ඔහු අනුව ජීවත් වන්නෝ වෙත් ද, ඔවුහු ද ශ්‍රද්ධාවෙන්, සීලයෙන් සහ ප්‍රඥාවෙන් වැඩෙති.

මෙලොව දී සුගතිගාමී කුසල් කර සතුටු වූ ඔවුහු දෙව්ලොව දී ද සතුටු වෙති.


බාගත ​කිරීමට