සිව්පසය පූජා කිරීම උපාසකයෙකුගේ ගිහි සාමීචිපටිපදාව වෙයි
ගිහි සාමීචිපටිපදා සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 2 - පිටු අංක 122 - 123)
කරුණු සතරකින් යුත් ආර්ය ශ්‍රාවකයා යසස් (කීර්තිය, ප්‍රසිද්ධිය, ගුණ කථන) ලැබීමට හේතු වන, දිව්‍ය සම්පත් ලැබීම පිණිස පවතින ගිහි සාමීචිපටිපදාවට (යහපත් වූ මනා ප්‍රතිපත්තියේ හැසිරීමට) පිළිපන්නේ වෙයි.
කවර කරුණු සතරකින් ද යත්;
- මේ ශාසනයේ ආර්ය ශ්‍රාවකයා සංඝයාට සිවුරු පූජා කිරීම පිණිස එළඹ සිටියි.
- මේ ශාසනයේ ආර්ය ශ්‍රාවකයා සංඝයාට පිණ්ඩපාත පූජා කිරීම පිණිස එළඹ සිටියි.
- මේ ශාසනයේ ආර්ය ශ්‍රාවකයා සංඝයාට සෙනසුන් පූජා කිරීම පිණිස එළඹ සිටියි.
- මේ ශාසනයේ ආර්ය ශ්‍රාවකයා සංඝයාට ගිලන්පස, බෙහෙත් පිරිකර පූජා කිරීම පිණිස එළඹ සිටියි.
යහපත් වූ නුවණැත්තෝ සිල්වතුන්ට සිවුරු, පිණ්ඩපාත, සේනාසන හා ගිලන්පසයෙන් උපස්ථාන කර ගිහි සාමීචිපටිපදාවේ යෙදෙති.
ඔවුන්ට දිවා රෑ දෙකෙහි සෑම විට ම පින් වැඩෙයි. ඔවුහු යහපත් වූ කර්ම කර දෙව්ලොවට යති.
බාගත කිරීමට 