Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / භික්ෂු භික්ෂුණීන්ට ආවේණික කරුණු සහ උපදෙස් /

නවක භික්ෂුවකගේ දිවි පැවැත්ම කෙසේ විය යුතු ද?

උපාලි ථෙරගාථා ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, ඛුද්දක නිකාය, ථෙරගාථාපාළි - පිටු අංක 88 - 89)

ශ්‍රද්ධාවෙන් ගිහි ගෙය හැර අභිනිෂ්ක්‍රමණය කළ නවක භික්ෂුව යහපත් දිවි පැවැත්මෙන් සහ වීර්යෙන් යුත් කල්‍යාණ මිතුරන් ඇසුරු කරන්නේය.

ශ්‍රද්ධාවෙන් ගිහි ගෙය හැර අභිනිෂ්ක්‍රමණය කළ නවක භික්ෂුව මුලින් සඞ්ඝයා කෙරෙහි වෙසෙමින් මනා ව විනයෙහි හික්මින්නේය.

ශ්‍රද්ධාවෙන් ගිහි ගෙය හැර අභිනිෂ්ක්‍රමණය කළ නවක භික්ෂුව මුලින් තණ්හා ආදිය පෙරටු නොකර ගෙන, කැප අකැප දේ පිළිබඳව දක්ෂ ව වසන්නේය.


බාගත ​කිරීමට