Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / භික්ෂු භික්ෂුණීන්ට ආවේණික කරුණු සහ උපදෙස් /

කරුණු සතකින් යුත් භික්ෂුව
සබ්‍රහ්මචාරීන්ට අප්‍රිය අමනාප වෙයි

දුතිය පියභික්ඛු සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 4 - පිටු අංක 280 - 281)

කරුණු සතකින් යුත් භික්ෂුව සබ්‍රහ්මචාරීන් (එකට බ්‍රහ්මචරියාවේ හැසිරෙන) වහන්සේලාට අප්‍රිය වෙයි. ගෞරව කටයුතු නොවෙයි.

කවර සතකින් ද යත්;

මේ ශාසනයේ භික්ෂුව,

  1. ලාභ කැමති වෙයි.
  2. ගරු සත්කාර කැමති වෙයි.
  3. අවමන් නොලැබීමට කැමති වෙයි.
  4. පවට ලජ්ජා නැති වෙයි.
  5. පවට බිය නැති වෙයි.
  6. ඉරිසියා ඇත්තේ ද වෙයි.
  7. මසුරු වූයේ ද වෙයි.

මේ කරුණු හතෙන් යුතු භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලාට අප්‍රිය වෙයි. අමනාප වෙයි. ගෞරව කටයුතු නොවෙයි.


බාගත ​කිරීමට