Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / භික්ෂු භික්ෂුණීන්ට ආවේණික කරුණු සහ උපදෙස් /

භික්ෂුවකගේ නොපිරිහීම පිණිස වැඩිය යුතු කරුණු සතකි

දුතිය සොවචස්සතා සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 4 - පිටු අංක 328 - 331)

භික්ෂුවකගේ නොපිරිහීම පිණිස කරුණු සතක් වෙයි.

කවර සතක් ද යත්;

  1. ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරවය වෙයි.
  2. ධර්මය කෙරෙහි ගෞරවය වෙයි.
  3. සංඝයා කෙරෙහි ගෞරවය වෙයි.
  4. ශික්ෂාව කෙරෙහි ගෞරවය වෙයි.
  5. සමාධිය කෙරෙහි ගෞරවය වෙයි.
  6. කීකරු බව කෙරෙහි ගෞරවය වෙයි.
  7. කලණ මිතුරන් ඇති බව කෙරෙහි ගෞරවය වෙයි.
  1. කෙසේ ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව ඇත්තේ ද යත්;
    • මේ සසුනෙහි භික්ෂුව ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව ඇත්තේ වෙයි.
    • ශාස්තෘන් වහන්සේ කෙරෙහි ඇති ගෞරවයේ ගුණ වර්ණනා කරන්නේ වෙයි.
    • ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැති අන්‍ය භික්ෂූන් ද ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව ඇති බවට සමාදන් කරවයි.
    • ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව ඇති අන්‍ය භික්ෂූන්ගේ ගුණ ද සුදුසු කාලයෙහි කියයි.
  2. කෙසේ ධර්මය කෙරෙහි ගෞරව ඇත්තේ ද යත්;
    • මේ සසුනෙහි භික්ෂුව ධර්මය කෙරෙහි ගෞරව ඇත්තේ වෙයි.
    • ධර්මය කෙරෙහි ඇති ගෞරවයේ ගුණ වර්ණනා කරන්නේ වෙයි.
    • ධර්මය කෙරෙහි ගෞරව නැති අන්‍ය භික්ෂූන් ද ධර්මය කෙරෙහි ගෞරව ඇති බවට සමාදන් කරවයි.
    • ධර්මය කෙරෙහි ගෞරව ඇති අන්‍ය භික්ෂූන්ගේ ගුණ ද සුදුසු කාලයෙහි කියයි.
  3. කෙසේ සංඝයා කෙරෙහි ගෞරව ඇත්තේ ද යත්;
    • මේ සසුනෙහි භික්ෂුව සංඝයා කෙරෙහි ගෞරව ඇත්තේ වෙයි.
    • සංඝයා කෙරෙහි ඇති ගෞරවයේ ගුණ වර්ණනා කරන්නේ වෙයි.
    • සංඝයා කෙරෙහි ගෞරව නැති අන්‍ය භික්ෂූන් ද සංඝයා කෙරෙහි ගෞරව ඇති බවට සමාදන් කරවයි.
    • සංඝයා කෙරෙහි ගෞරව ඇති අන්‍ය භික්ෂූන්ගේ ගුණ ද සුදුසු කාලයෙහි කියයි.
  4. කෙසේ ශික්ෂාව කෙරෙහි ගෞරව ඇත්තේ ද යත්;
    • මේ සසුනෙහි භික්ෂුව ශික්ෂාව කෙරෙහි ගෞරව ඇත්තේ වෙයි.
    • ශික්ෂාව කෙරෙහි ඇති ගෞරවයේ ගුණ වර්ණනා කරන්නේ වෙයි.
    • ශික්ෂාව කෙරෙහි ගෞරව නැති අන්‍ය භික්ෂූන් ද ශික්ෂාව කෙරෙහි ගෞරව ඇති බවට සමාදන් කරවයි.
    • ශික්ෂාව කෙරෙහි ගෞරව ඇති අන්‍ය භික්ෂූන්ගේ ගුණ ද සුදුසු කාලයෙහි කියයි.
  5. කෙසේ සමාධිය කෙරෙහි ගෞරව ඇත්තේ ද යත්;
    • මේ සසුනෙහි භික්ෂුව සමාධිය කෙරෙහි ගෞරව ඇත්තේ වෙයි.
    • සමාධිය කෙරෙහි ඇති ගෞරවයේ ගුණ වර්ණනා කරන්නේ වෙයි.
    • සමාධිය කෙරෙහි ගෞරව නැති අන්‍ය භික්ෂූන් ද සමාධිය කෙරෙහි ගෞරව ඇති බවට සමාදන් කරවයි.
    • සමාධිය කෙරෙහි ගෞරව ඇති අන්‍ය භික්ෂූන්ගේ ගුණ ද සුදුසු කාලයෙහි කියයි.
  6. කෙසේ කීකරු බව කෙරෙහි ගෞරව ඇත්තේ ද යත්;
    • මේ සසුනෙහි භික්ෂුව කීකරු බව කෙරෙහි ගෞරව ඇත්තේ වෙයි.
    • කීකරු බව කෙරෙහි ඇති ගෞරවයේ ගුණ වර්ණනා කරන්නේ වෙයි.
    • කීකරු බව කෙරෙහි ගෞරව නැති අන්‍ය භික්ෂූන් ද කීකරු බව කෙරෙහි ගෞරව ඇති බවට සමාදන් කරවයි.
    • කීකරු බව කෙරෙහි ගෞරව ඇති අන්‍ය භික්ෂූන්ගේ ගුණ ද සුදුසු කාලයෙහි කියයි.
  7. කෙසේ කලණ මිතුරන් ඇති බව කෙරෙහි ගෞරව ඇත්තේ ද යත්;
    • මේ සසුනෙහි භික්ෂුව කලණ මිතුරන් ඇති බව කෙරෙහි ගෞරව ඇත්තේ වෙයි.
    • කලණ මිතුරන් ඇති බව කෙරෙහි ඇති ගෞරවයේ ගුණ වර්ණනා කරන්නේ වෙයි.
    • කලණ මිතුරන් ඇති බව කෙරෙහි ගෞරව නැති අන්‍ය භික්ෂූන් ද කලණ මිතුරන් ඇති බව කෙරෙහි ගෞරව ඇති බවට සමාදන් කරවයි.
    • කලණ මිතුරන් ඇති බව කෙරෙහි ගෞරව ඇති අන්‍ය භික්ෂූන්ගේ ගුණ ද සුදුසු කාලයෙහි කියයි.

මේ කරුණු සත භික්ෂුවකගේ නොපිරිහීම පිණිස පවතියි.


බාගත ​කිරීමට