Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / භික්ෂු භික්ෂුණීන්ට ආවේණික කරුණු සහ උපදෙස් /

නවක පැවිද්දෙක් කරුණු පහක සමාදන් කරවිය යුතුය
යෙදවිය යුතුය පිහිට විය යුතුය

අන්ධකවින්ද සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 3 - පිටු අංක 222 - 225)

නවක වූ පැවිදි වී නොබෝ කල් ඇති, මේ ශාසනයට අලුත පැමිණි භික්ෂූන් වෙත් නම් මෙම ධර්ම විනයෙහි කරුණු පහක සමාදන් කළ යුතුය.

  1. ‘සිල්වත් වී, ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර වී, ආචාරයෙන් සහ ගෝචරයෙන් යුතු ව වාසය කරවු. ස්වල්ප වූ වරදෙහිත් මහත් භිය දකින සුලු ව, සමාදන් වූ ශික්ෂා පදයන්ගේ හික්මෙවු’. මෙසේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ සමාදන් කරවිය යුතුය. යෙදවිය යුතුය. පිහිට විය යුතුය.
  2. ‘ඉන්ද්‍රිය සංවරයෙන් යුතු ව වාසය කරවු. මනා සිහියෙන් යුතු ව, මනා නුවණින් යුතු ව, මනා ව රකින ලද සිත් ඇති ව වාසය කරවු’. මෙසේ ඉන්ද්‍රිය සංවරයේ සමාදන් කරවිය යුතුය. යෙදවිය යුතුය. පිහිට විය යුතුය.
  3. ‘ස්වල්ප කතාවකින් යුක්ත වවු. සීමාවක් ඇති ව කතා කරවු’. මෙසේ ස්වල්ප කතාවෙහි සමාදන් කරවිය යුතුය. යෙදවිය යුතුය. පිහිට විය යුතුය.
  4. ‘ආරණ්‍ය, සෙනසුන් ඇසුරු කරවු. ආරණ්‍ය, වන ‍පෙත්, දුර ඈත සෙනසුන් සේවනය කරවු’. මෙසේ කාය විවේකයෙහි සමාදන් කරවිය යුතුය. යෙදවිය යුතුය. පිහිට විය යුතුය.
  5. ‘සම්මා දිට්ඨිය ඇති ව මනා දැකීමෙන් යුතු වවු’. මෙසේ මනා දැක්මෙහි සමාදන් කරවිය යුතුය. යෙදවිය යුතුය. පිහිට විය යුතුය.

නවක වූ පැවිදි වී නොබෝ කල් ඇති, මේ ශාසනයට අලුත පැමිණි භික්ෂූන් වෙත් නම් මෙම කරුණු පසෙහි සමාදන් කළ යුතුය.


බාගත ​කිරීමට