කරුණු දහයකින් යුතු මහණ සාමණේරයෙකු ලවා
උපස්ථාන කරවා ගැනීමට සුදුසු වෙයි
සාමණේර සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 6 - පිටු අංක 130 - 131)
කරුණු දහයකින් යුතු මහණ විසින් සාමණේරයෙකු ලවා උපස්ථාන කරවා ගැනීමට සුදුසු වෙයි.
කවර දහයක් ද යත්;
මේ සසුනෙහි මහණ තෙම,
- සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවෘත වෙයි. ආචාර ගෝචර සම්පන්න වෙයි. අනුමාත්‍ර වූ වරදෙහිත් මහත් බිය දකිමින් සමාදන් වූ සිල් පදයන්හි හික්මෙයි.
- බොහෝ ඇසූ පිරූ තැන් ඇති දහම් දරන සුලු බහුශ්‍රැතයෙක් වෙයි. ආදි කල්‍යාණ, මධ්‍ය කල්‍යාණ, පරියෝසාන කල්‍යාණ වූ අර්ථ සහිත, ව්‍යඤ්ජන සහිත, පරිපූර්ණ, පිරිසිදු බ්‍රහ්මචරියාව ප්‍රකාශ කරන ඒ ධර්මයෝ ඔහු විසින් බොහෝ අසන ලද්දාහු වෙති. දරන ලද්දාහු වෙති. වචනයෙන් පුරුදු කරන ලද්දාහු වෙති. සිතින් බලන ලද්දාහු වෙති. මොනවට අවබෝධ කරන ලද්දාහු වෙති.
- ඔහු විසින් ප්‍රාතිමෝක්ෂය මනා ව විස්තර වශයෙන් දරන ලද්දේ වෙයි. විනිශ්චය කරන ලද්දේ වෙයි. සූත්‍ර වශයෙන් ද අනුව්‍යඤ්ජන වශයෙන් ද මැනවින් නිශ්චය කරන ලද්දේ වෙයි.
- ගිලන් උපස්ථානයට හෝ උපස්ථාන කරවීමට සමර්ථ සහ ශක්තිමත් වෙයි.
- උකටලී බව (නොඇල්ම) දුරු කිරීමට සමර්ථ වෙයි.
- උපන් කුකුස් ධර්මයෙන් සංසිඳුවීමට දක්ෂ වෙයි.
- උපන් දෘෂ්ටීන් ධර්මයෙන් විවේචනය කර දුරු කිරීමට දක්ෂ වෙයි.
- අධිසීලයේ සමාදන් කරවීමට දක්ෂ වෙයි.
- අධිචිත්තයේ සමාදන් කරවීමට දක්ෂ වෙයි.
- අධිප්‍රඥාවේ සමාදන් කරවීමට දක්ෂ වෙයි.
මේ දස කරුණින් යුතු භික්ෂුව, කැමති නම් සාමණේරයෙකු ලවා උපස්ථාන කරවා ගත යුතුය.
බාගත කිරීමට 