Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / භික්ෂු භික්ෂුණීන්ට ආවේණික කරුණු සහ උපදෙස් /

කරුණු දහයකින් සමන්විත මහණ විසින්
අනුපසම්පන්නයෙකු උපසම්පදා කළ යුතුය

උපසම්පදා සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 6 - පිටු අංක 126-129)

කරුණු දහයකින් යුතු මහණ විසින් උපසම්පදා කළ යුතු වෙයි.

කවර දහයකින් ද යත්;

මේ සසුනෙහි මහණ තෙම,

  1. සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවෘත වෙයි. ආචාර ගෝචර සම්පන්න වෙයි. අනුමාත්‍ර වූ වරදෙහිත් මහත් බිය දකිමින් සමාදන් වූ සිල් පදයන්හි හික්මෙයි.
  2. බොහෝ ඇසූ පිරූ තැන් ඇති දහම් දරන සුලු බහුශ්‍රැතයෙක් වෙයි. ආදි කල්‍යාණ, මධ්‍ය කල්‍යාණ, පරියෝසාන කල්‍යාණ අර්ථ සහිත ද ව්‍යඤ්ජන සහිත, පරිපූර්ණ පිරිසිදු බ්‍රහ්මචරියාව ප්‍රකාශ කරන ඒ ධර්මයෝ ඔහු විසින් බොහෝ අසන ලද්දාහු වෙති. දරන ලද්දාහු වෙති. වචනයෙන් පුරුදු කරන ලද්දාහු වෙති. සිතින් බලන ලද්දාහු වෙති. මොනවට අවබෝධ කරන ලද්දාහු වෙති.
  3. ඔහු විසින් ප්‍රාතිමෝක්ෂය මනා ව විස්තර වශයෙන් දරන ලද්දේ වෙයි. විනිශ්චය කරන ලද්දේ වෙයි. සූත්‍ර වශයෙන් ද අනුව්‍යඤ්ජන වශයෙන් ද මැනවින් නිශ්චය කරන ලද්දේ වෙයි.
  4. ගිලන් උපස්ථානයට හෝ උපස්ථාන කරවීමට සමර්ථ සහ ශක්තිමත් වෙයි.
  5. උකටලී බව (නොඇල්ම) දුරු කිරීමට සමර්ථ වෙයි.
  6. උපන් කුකුස් ධර්මයෙන් සංසිඳුවීමට දක්ෂ වෙයි.
  7. උපන් දෘෂ්ටීන් ධර්මයෙන් විවේචනය කර දුරු කිරීමට දක්ෂ වෙයි.
  8. අධිසීලයේ සමාදන් කරවීමට දක්ෂ වෙයි.
  9. අධිචිත්තයේ සමාදන් කරවීමට දක්ෂ වෙයි.
  10. අධිප්‍රඥාවේ සමාදන් කරවීමට දක්ෂ වෙයි.

බාගත ​කිරීමට