Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / භික්ෂු භික්ෂුණීන්ට ආවේණික කරුණු සහ උපදෙස් /

ඔබ තමන්ටත් අහිතකර අනුන්ටත් අහිතකර භික්ෂුවක් ද

නෙවඅත්තහිත නොපරහිත සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 3 - පිටු අංක 22 - 23)

පස් දහමකින් යුක්ත මහණ තමාටත් අහිත පිණිස සහ අන් අයටත් අහිත පිණිස පිළිපන්නේ වෙයි.

කවර පහකින් ද යත්;

  1. මේ සසුනෙහි මහණ, තමන් ද සිල්වත් නොවී අනුන් ද සීලයෙහි සමාදන් නොකරයි.
  2. මේ සසුනෙහි මහණ, තමන් ද සමාධිමත් නොවී අනුන් ද සමාධියෙහි සමාදන් නොකරයි.
  3. මේ සසුනෙහි මහණ, තමන් ද ප්‍රඥා සම්පන්න නොවී අනුන් ද ප්‍රඥා සම්පදාවෙහි සමාදන් නොකරයි.
  4. මේ සසුනෙහි මහණ, තමන් ද විමුක්ති සම්පන්න නොවී අනුන් ද විමුක්ති සම්පදාවෙහි සමාදන් නොකරයි.
  5. මේ සසුනෙහි මහණ, තමන් ද විමුක්ති ඥානදර්ශන සම්පන්න නොවී අනුන් ද විමුක්ති ඥානදර්ශන සම්පදාවෙහි සමාදන් නොකරයි.

බාගත ​කිරීමට