Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / භික්ෂු භික්ෂුණීන්ට ආවේණික කරුණු සහ උපදෙස් /

හික්මෙන භික්ෂුවට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා
එකලා වූ යුවතියකටත් වඩා හානි දායක වෙයි

මාතුගාම සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා‚ සංයුක්ත නිකාය 2 - පිටු අංක 358 - 359)

මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණු ය. කටුක ය. නපුරු ය. ඉතා උතුම් වූ නිවන් අවබෝධය සාක්ෂාත් කිරීම පිණිස අන්තරායකාරී වෙයි.

මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා යමෙකුගේ සිත යම් සේ මැඬ පවත්වාගෙන සිටී ද තනි වූ ඔහුගේ සිත තනි වූ යුවතියක්වත් එසේ මැඬ පවත්වාගෙන නොසිටියි.

මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණු ය. කටුක ය. නපුරු ය. ඉතා උතුම් වූ නිවන් අවබෝධය සාක්ෂාත් කිරීම පිණිස අන්තරායකාරී වෙයි.

මහණෙනි, එම නිසා නුඹලා මෙසේ ම හික්මිය යුතුය. ‘උපන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරු කරන්නෙමු. උපන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට අපගේ සිත හාත්පසින් මැඬ පැවැත්වීමට ඉඩ නොදෙමු’ යි තොප විසින් මෙසේ ම හික්මිය යුතු ම ය.


බාගත ​කිරීමට