Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / භික්ෂු භික්ෂුණීන්ට ආවේණික කරුණු සහ උපදෙස් /

භික්ෂුවට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා බොහෝ දුක් ගෙන දෙයි

චවි සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා‚ සංයුක්ත නිකාය 2 - පිටු අංක 362 - 363)

ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා දරුණු ය. ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා සිවිය සිඳියි. සිවිය සිඳ සම සිඳියි. සම සිඳ මස් සිඳියි. මස් සිඳ නහර සිඳියි. නහර සිඳ ඇට සිඳියි. ඇට සිඳ ඇට මිඳුළුවල ගැටි සිටියි.

මහණෙනි, ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා දරුණු ය. කටුක ය. නපුරු ය. ඉතා උතුම් වූ නිවන් අවබෝධය සාක්ෂාත් කිරීම පිණිස අන්තරායකාරී වෙයි.

මහණෙනි, එම නිසා නුඹලා මෙසේ ම හික්මිය යුතුය. ‘උපන් ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා දුරු කරන්නෙමු. උපන් ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා වලට අපගේ සිත හාත්පසින් මැඬ පැවැත්වීමට ඉඩ නොදෙමු’ යි. තොප විසින් මෙසේ ම හික්මිය යුතු ය.


බාගත ​කිරීමට