Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / භික්ෂු භික්ෂුණීන්ට ආවේණික කරුණු සහ උපදෙස් /

කළු කපුටෙක් වැනි පාපකාරී භික්ෂුව හඳුනා ගනිමු

කාක සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 6 - පිටු අංක 264 - 265 )

කපුටා දස අසද්ධර්මයකින් යුක්ත වෙයි.

කවර අසද්ධර්ම දහයකින් ද යත්;

  1. ගුණ නසන්නේ වෙයි.
  2. අසංවර වූ නොහික්මීම් ඇත්තේ වෙයි.
  3. තිගැස්සීම් සහ සැක බහුල වෙයි.
  4. බොහෝ සේ අනුභව කරන්නේ වෙයි.
  5. නපුරු වෙයි.
  6. අකාරුණික වෙයි.
  7. දුර්වල වෙයි.
  8. නපුරු ලෙස කෑ ගසන්නේ වෙයි.
  9. සිහි මුළා වූයේ වෙයි.
  10. රැස් කරනුයේ ද වෙයි.

කපුටා මේ දස අසද්ධර්මයෙන් යුක්ත වෙයි.

එසේ ම පාපකාරී භික්ෂුව දස අසද්ධර්මයකින් යුක්ත වෙයි.

  1. ගුණ නසන්නේ වෙයි.
  2. අසංවර වූ නොහික්මීම් ඇත්තේ වෙයි.
  3. තිගැස්සීම් සහ සැක බහුල වෙයි.
  4. බොහෝ සේ අනුභව කරන්නේ වෙයි.
  5. නපුරු වෙයි.
  6. අකාරුණික වෙයි.
  7. දුර්වල වෙයි.
  8. නපුරු ලෙස කෑ ගසන්නේ වෙයි.
  9. සිහි මුළා වූයේ වෙයි.
  10. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන් පස, බෙහෙත්, පිරිකර ආදිය රැස් කරනුයේ ද වෙයි.

පාපකාරී මහණ මෙම දස අසද්ධර්මයෙන් යුක්ත වෙයි.


බාගත ​කිරීමට