මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණු ය. කටුක ය. නපුරු ය. ඉතා උතුම් වූ නිවන් අවබෝධය සාක්ෂාත් කිරීම පිණිස අන්තරායකාරී වෙයි.
මහණෙනි, හෙණ ගෙඩි කවරහු කරා පැමිණෙයි ද?
නො පැමිණි රහත් බව ඇති සේඛයා කරා පැමිණෙන්නේය. හෙණ ගෙඩි යනු ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවන්ට නමකි.
මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණු ය. කටුක ය. නපුරු ය. ඉතා උතුම් වූ නිවන් අවබෝධය සාක්ෂාත් කිරීම පිණිස අන්තරායකාරී වෙයි.
මහණෙනි, එම නිසා නුඹලා මෙසේ ම හික්මිය යුතුය. ‘උපන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරු කරන්නෙමු. උපන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට අපගේ සිත හාත්පසින් මැඬ පැවැත්වීමට ඉඩ නොදෙමු’ යි තොප විසින් මෙසේ ම හික්මිය යුතු ම ය.