Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / භික්ෂු භික්ෂුණීන්ට ආවේණික කරුණු සහ උපදෙස් /

ධර්මය දේශනා කිරීම පහසු නොවෙයි

උදායි සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 3 - පිටු අංක 300 - 301)

තමා තුළ කරුණු පහක් ඇති ව අනුන්ට ධර්මය දේශනා කළ යුතුය.

  1. ‘පිළිවෙළ කථාව (දාන කථා, සීල කථා, දිව්‍යලෝක කථා, කාමයන්ගේ ආදීනව, නෙක්ඛම්මයේ ආනිසංස සහ චතුරාර්ය සත්‍යය) කියන්නෙමි’ යි ධර්මය දේශනා කළ යුතුය.
  2. ‘කරුණු දක්වමින් ධර්ම කථාව කරන්නෙමි’’ යි ධර්මය දේශනා කළ යුතුය.
  3. ‘අනුකම්පාව නිසා ධර්ම කථා කියන්නෙමි’ යි ධර්මය දේශනා කළ යුතුය.
  4. ‘ආමිස ලාභ බලාපොරොත්තු රහිත ව ධර්ම කථා කියන්නෙමි’ යි ධර්මය දේශනා කළ යුතුය.
  5. ‘තමා හා අනුන් නොගටා, නොපෙළා ධර්ම කථාව කියන්නෙමි’ යි ධර්මය දේශනා කළ යුතුය.

බාගත ​කිරීමට