Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව් වනක් පිරිස සඳහා වූ පොදු කරුණු සහ උපදෙස් /

අසත්පුරුෂයාත් අසත්පුරුෂයාට වඩා අසත්පුරුෂයාත්
සත්පුරුෂයාත් සත්පුරුෂයාට වඩා සත්පුරුෂයාත් හඳුනා ගනිමු

අසප්පුරිස සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, සංයුත්ත නිකාය 5 - i - පිටු අංක 34 - 35)

“මහණෙනි, අසත්පුරුෂයාත්, අසත්පුරුෂයාට වඩා අසත්පුරුෂයාත්, සත්පුරුෂයාත්, සත්පුරුෂයාට වඩා සත්පුරුෂයාත් දේශනා කරන්නෙමි” යි බුදු රජාණන් වහන්සේ විසින් භික්ෂූන්ට වදාළ සේක.

අසත්පුරුෂයා කවුරු ද යත්;

මේ ශාසනයෙහි කෙනෙක් මිථ්‍යා දෘෂ්ටි ඇත්තේ වෙයි, මිථ්‍යා සංකල්ප ඇත්තේ වෙයි, මිථ්‍යා වාචා ඇත්තේ වෙයි, මිථ්‍යා කර්මාන්ත ඇත්තේ වෙයි, මිථ්‍යා ආජීව ඇත්තේ වෙයි, මිථ්‍යා වායාම ඇත්තේ වෙයි, මිථ්‍යා සති ඇත්තේ වෙයි, මිථ්‍යා සමාධි ඇත්තේ වෙයි. මහණෙනි, මේ අසත්පුරුෂයා යැයි කියනු ලැබෙයි.

අසත්පුරුෂයාට වඩා අසත්පුරුෂයා කවුරු ද යත්;

මේ ශාසනයෙහි කෙනෙක් මිථ්‍යා දෘෂ්ටි ඇත්තේ වෙයි, මිථ්‍යා සංකල්ප ඇත්තේ වෙයි, මිථ්‍යා වාචා ඇත්තේ වෙයි, මිථ්‍යා කර්මාන්ත ඇත්තේ වෙයි, මිථ්‍යා ආජීව ඇත්තේ වෙයි, මිථ්‍යා වායාම ඇත්තේ වෙයි, මිථ්‍යා සති ඇත්තේ වෙයි, මිථ්‍යා සමාධි ඇත්තේ වෙයි, මිථ්‍යා ඥාන ඇත්තේ වෙයි, මිථ්‍යා විමුක්ති ඇත්තේ වෙයි.

මහණෙනි, මේ අසත්පුරුෂයාට වඩා අසත්පුරුෂයා යැයි කියනු ලැබෙයි.

සත්පුරුෂයා කවුරු ද යත්;

මේ ශාසනයෙහි කෙනෙක් සම්මා දෘෂ්ටි ඇත්තේ වෙයි, සම්මා සංකල්ප ඇත්තේ වෙයි, සම්මා වාචා ඇත්තේ වෙයි, සම්මා කර්මාන්ත ඇත්තේ වෙයි, සම්මා ආජීව ඇත්තේ වෙයි, සම්මා වායාම ඇත්තේ වෙයි, සම්මා සති ඇත්තේ වෙයි, සම්මා සමාධි ඇත්තේ වෙයි. මහණෙනි, මේ සත්පුරුෂයා යැයි කියනු ලැබෙයි.

සත්පුරුෂයාට වඩා සත්පුරුෂයා කවුරු ද යත්;

මේ ශාසනයෙහි කෙනෙක් සම්මා දෘෂ්ටි ඇත්තේ වෙයි, සම්මා සංකල්ප ඇත්තේ වෙයි, සම්මා වාචා ඇත්තේ වෙයි, සම්මා කර්මාන්ත ඇත්තේ වෙයි, සම්මා ආජීව ඇත්තේ වෙයි, සම්මා වායාම ඇත්තේ වෙයි, සම්මා සති ඇත්තේ වෙයි, සම්මා සමාධි ඇත්තේ වෙයි, සම්මා ඥාන ඇත්තේ වෙයි, සම්මා විමුක්ති ඇත්තේ වෙයි.

මහණෙනි, මේ සත්පුරුෂයාට වඩා සත්පුරුෂයා යැයි කියනු ලැබෙයි.


බාගත ​කිරීමට