තම ඥාති හෝ හිතවත් යම් පුද්ගලයෙක් මිය ගිය අවස්ථාවේදී ධර්මය නොදන්නා මෝඩයා මෙසේ නුවණින් කල්පනා නොකරයි.
‘මගේ ම පමණක් මේ මැරෙණ දේ මැරුණා නොවේ, යම්තාක් ලොව ඉපදුණු සතුන් වේ ද ඒ සියල්ලන්ගේ ම මැරෙණ දේ මැරෙණ්නේමය. මැරෙණ දේ මැරෙණ විට මමත් ශෝක කරන්නේ නම්, ක්ලාන්තයට පත් වේ නම්, විලාප කියන්නේ නම්, පපුවේ අත් ගසා හඬන්නේ නම්, සිහි මුළාවට පත් වන්නේ නම්, මට කෑම ද රුචි නොවන්නේය. මා විරූපී ද වන්නේය. කළ යුතු රැකියා ආදී වැඩ කටයුතු ද අඩාල වන්නේය. මාගේ සතුරෝ සතුටු වන්නෝය. මාගේ මිතුරෝ දුකට පත් වන්නෝය.’
ධර්මය නොදන්නා මෝඩයා, මැරෙණ දේ මැරෙණ විට ශෝක කරන්නේය. ක්ලාන්තයට පත් වන්නේය. විලාප කියන්නේය. පපුවේ අත් ගසා හඬන්නේය. සිහි මුළාවට පත් වන්නේය.
මේ ධර්මය නොදන්නා මෝඩයා විසකුරු ශෝකය නැමති උලෙන් විද ගෙන තමා ම පීඩාවට පත් කර ගන්නේය.
තම ඥාති හෝ හිතවත් යම් පුද්ගලයෙක් මිය ගිය අවස්ථාවේ දී ධර්මය දන්නා ආර්ය ශ්‍රාවකයා මෙසේ නුවණින් කල්පනා කරයි.
‘මගේ ම පමණක් මේ මැරෙණ දේ මැරුණා නොවේ, යම්තාක් ලොව ඉපදුණු සතුන් වේ ද ඒ සියල්ලන්ගේ ම මැරෙණ දේ මැරෙණ්නේමය. මැරෙණ දේ මැරෙණ විට මමත් ශෝක කරන්නේ නම්, ක්ලාන්තයට පත් වේ නම්, විලාප කියන්නේ නම්, පපුවේ අත් ගසා හඬන්නේ නම්, සිහි මුළාවට පත් වන්නේ නම්, මට කෑම ද රුචි නොවන්නේය. මා විරූපී ද වන්නේය. කළ යුතු රැකියා ආදී වැඩ කටයුතු ද අඩාල වන්නේය. මාගේ සතුරෝ ද සතුටු වන්නේය. මාගේ මිතුරෝ ද දුකට පත් වන්නේය.’ කියා සිතයි.
ධර්මය දන්නා ආර්ය ශ්‍රාවකයා, මැරෙණ දේ මැරෙණ විට ශෝක නොකරන්නේය. ක්ලාන්තයට පත් නොවන්නේය. විලාප නොකියන්නේය. පපුවේ අත් ගසා නොහඬන්නේය. සිහි මුළාවට පත් නොවන්නේය.
මේ ධර්මය නොදන්නා මෝඩයා විසකුරු ශෝකය නැමති උලෙන් විද ගෙන තමාව ම පීඩාවට පත්කර ගත්ත ද ධර්මය දන්නා ආර්ය ශ්‍රාවකයා එම ශෝකය නැමති උල මෙසේ උදුරා දැමුයේ යැයි කියනු ලැබෙයි.
මෙසේ ශෝක නැමති උලෙන් විද නොගෙන ධර්මය දන්නා ආර්ය ශ්‍රාවකයා සම්පූර්ණයෙන් ම සිසිල් වෙයි.