භාග්‍යවතුන් වහන්සේ විසින් නිය අගට පස් ටිකක් ගෙන භික්ෂූන් වහන්සේලාගෙන් මෙසේ ඇසු සේක. “මහණෙනි, බොහෝ ඇත්තේ මේ නිය අගෙහි පස් ද? මහ පොළොවෙහි පස් ද?”
“භාග්‍යවතුන් වහන්ස, මහ පොළොවෙහි පස් ඉතා බොහෝය. නිය අගෙහි පස් ඉතා ස්වල්පයකි. මෙය සැසඳීමටවත් නොහැකිය.”
“මහණෙනි, එසේ ම යම් කෙනෙක් මිනිස් ලොවෙන් චුත ව නැවත මිනිස් ලොව උපදිත් ද ඒ සත්වයෝ ඉතා ම අල්පය. එසේ ම මිනිස් ලොවෙන් චුත ව අන් තැන්හි උපදින්නා වූ සත්වයෝ බොහෝය.
එ බැවින් මහණෙනි, තොප විසින් අප්‍රමාදී ව වාසය කළ යුතුය, හික්මිය යුතුය.”