Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව් වනක් පිරිස සඳහා වූ පොදු කරුණු සහ උපදෙස් /

සක්විති රජ පදවි ලබා සුගති සම්පත් විඳ
නිවන් දකින්නට අනිත්‍ය සංඥාව වඩන්න

ධම්මසවණිය ස්ථවිරාවදානය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, ඛුද්දක නිකාය, අපදානපාළි 1 - පිටු අංක 492 - 495)

පදුමුත්තර බුදු රජාණන් වහන්සේගේ කාලයේ අහසින් ගමන් කළ හැකි තවුසෙක් වාසය කළේය. දිනක් ඔහු බුදු රජාණන් වහන්සේගේ ඉහළින් අහසේ ගමන් කිරීමට තැත් කළ ද එසේ ගමන් කළ නොහැකි ව බිමට වැටුණා.

ඒ වේලාවේ බුදු රජාණන් වහන්සේ දේශනා කළ අනිත්‍යය ඔහු ඉගෙන ගත්තා. මැරෙන මොහොතේ ඔහුට ඒ ධර්මය සිහි වුණා.

එහි විපාක ලෙස කල්ප ලක්ෂයක් සුගතියේ වාසය කළා. ශක්‍රයා ව උපත ලැබුවා. සක්විති රජ කම ද දරා අවසානයේ ගෞතම බුදු රජුන්ගේ ශාසනයේ දී අවුරුදු හතක් වැනි වයසක දී උතුම් රහත් බව ලැබුහ.


බාගත ​කිරීමට