Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව් වනක් පිරිස සඳහා වූ පොදු කරුණු සහ උපදෙස් /

ඔබත් තම පිරිස කෙලෙසන්නෙක් ද බබළවන්නෙක් ද

පරිසසොභන සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 2 - පිටු අංක 430 - 431)

පිරිස කෙලෙසන (අපිරිසිදු කරන) සතර දෙනෙකි.

  1. දුසිල්වත් පාපකාරී මහණ පිරිස් කෙලෙසයි.
  2. දුසිල්වත් පාපකාරී මෙහෙණ පිරිස් කෙලෙසයි.
  3. දුසිල්වත් පාපකාරී උපාසකයා පිරිස් කෙලෙසයි.
  4. දුසිල්වත් පාපකාරී උපාසිකාව පිරිස් කෙලෙසයි.

පිරිස බබළවන (අලංකාර කරන) සතර දෙනෙකි.

  1. සිල්වත් කලණ දහම් (යහපත් ස්වභාව) ඇති මහණ පිරිස් බබළවයි.
  2. සිල්වත් කලණ දහම් ඇති මෙහෙණ පිරිස් බබළවයි.
  3. සිල්වත් කලණ දහම් ඇති උපාසකයා පිරිස් බබළවයි.
  4. සිල්වත් කලණ දහම් ඇති උපාසිකාව පිරිස් බබළවයි.

බාගත ​කිරීමට