Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව් වනක් පිරිස සඳහා වූ පොදු කරුණු සහ උපදෙස් /

උපාසකයෙකු විසින් භික්ෂුවකට
අප්‍රසාදය හෝ ප්‍රසාදය පළ කළ හැකි අවස්ථා

අප්පසාදප්පසාද සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 5 - පිටු අංක 356 - 357)

කරුණු අටකින් යුක්ත භික්ෂුවකට උපාසකයන් කැමති නම් අප්‍රසාදය පළ කළ හැකිය. එනම් භික්ෂුව,

  1. ගිහියන්ට අලාභය පිණිස උත්සාහ කරයි.
  2. ගිහියන්ට අයහපත පිණිස උත්සාහ කරයි.
  3. ගිහියන්ට අපහාස කරයි, නින්දා කරයි.
  4. ගිහියන් ගිහියන් හා බිඳුවයි.
  5. බුදු රජාණන් වහන්සේගේ නුගුණ කියයි.
  6. ධර්මයේ නුගුණ කියයි.
  7. සංඝයාගේ නුගුණ කියයි.
  8. අගෝචර* (නුසුදුසු) තැන්වල හැසිරෙනු දකියි.

අංග අටකින් යුත් භික්ෂුවකට උපාසකයන් කැමති නම් ප්‍රසාදය පළ කළ හැකිය. එනම් භික්ෂුව,

  1. ගිහියන්ට අලාභය පිණිස උත්සාහ නොකරයි.
  2. ගිහියන්ට අයහපත පිණිස උත්සාහ නොකරයි.
  3. ගිහියන්ට නින්දා අපහාස නොකරයි.
  4. ගිහියන් ගිහියන් හා නොබිඳුවයි.
  5. බුදු රජාණන් වහන්සේගේ ගුණ කියයි.
  6. ධර්මයේ ගුණ කියයි.
  7. සංඝයාගේ ගුණ කියයි.
  8. නුසුදුසු තැන්වල හැසිරෙනු නොදකියි.

* අගෝචර (නුසුදුසු තැන්) යනු,

ගණිකාවන්, වැන්දඹුවන්, මහළු කුමාරිකාවන්, පණ්ඩකයන් හා භික්ෂුණීන් ඇසුරු කොට ඇත්තේ වේ ද, තැබෑරුම් ඇසුරු කොට ඇත්තේ වේ ද, රජවරු සහ ඇමතිවරු ඇසුරු කොට ඇත්තේ වේ ද, මිථ්‍යා දෘෂ්ටික ශ්‍රමණයන් සහ ඔවුන්ගේ ශ්‍රාවකයන් ඇසුරෙහි වෙසේ ද, භික්ඛු භික්ඛුණී, උපාසක උපාසිකාවන්ට අපහාස කරන, නින්දා කරන, උපද්‍රව කරන, ශ්‍රද්ධා නැති, අහිතවත් පවුල් ඇසුරු කර වෙසේ ද, මේ අගෝචර යැයි කියනු ලැබේ.

(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, විභඞ්ගප්පකරණ 2 - පිටු අංක 38 - 39)


බාගත ​කිරීමට