Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව් වනක් පිරිස සඳහා වූ පොදු කරුණු සහ උපදෙස් /

අබ්‍රහ්මචාරී ව බ්‍රහ්මචාරී යැයි කියන්නාත්
බ්‍රහ්මචාරීන්ට අබ්‍රහ්මචාරීයි චෝදනා කරන්නාත්
කාමයේ දෝෂ නැතැයි දැක්මෙන් කාමය පරිභෝග කරන්නාත්
මරණින් මතු අපායෙහි උපදියි

අපායික වර්ගය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 1- පිටු අංක 474 - 475)

පාප ධර්ම තුනක් අත් නොහැර මොවුහු තිදෙනෙක් අපායගාමී වෙති. නිරයගාමී වෙති.

කවර තිදෙනෙක් ද යත්,

  1. යම් කෙනෙක්, අබ්‍රහ්මචාරී වූයේ බ්‍රහ්මචාරී ප්‍රතිඥා ඇත්තේ (බ්‍රහ්මචාරී යැයි කියන්නේ) වෙයි.
  2. යම් කෙනෙක්, පිරිසිදු බ්‍රහ්මචරියාවේ හැසිරෙන්නෙකුට අමූලක (හේතු/කරුණු නැති) වූ අබ්‍රහ්මචරියා වාදයෙන් නින්දා, චෝදනා කරන්නේ වෙයි.
  3. යම් කෙනෙක්, කාමයන්හි දෝෂයෙක් නැතැයි මෙබඳු වාද ඇති ව මෙබඳු දෘෂ්ටි ඇති ව කාමය පරිභෝග කරන්නේ වෙයි.

මේ පාප ධර්ම තුන අත් නොහැර සිටින මොවුහු තිදෙනා අපායගාමී වෙති.


බාගත ​කිරීමට