Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව් වනක් පිරිස සඳහා වූ පොදු කරුණු සහ උපදෙස් /

නින්දා අපහාස ආර්ය උපවාද කරන්න එපා

අක්කොසක සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 6 - පිටු අංක 304 - 305)

යම් මහණෙක්, එකට බ්‍රහ්මචරියාවේ හැසිරෙන්නන්ට නින්දා අපහාස කරන්නේ ද, ආර්ය උපවාද කරන්නේ ද, ඔහු පහත සඳහන් දස විනාශයන්ට හෝ මෙයින් එකකට හෝ කිහිපයකට පත් නොවීමට හේතු රහිතය, අවකාශ ද රහිතය.

කවර දහයකට ද යත්;

  1. අවබෝධ නොකළ දහම් අවබෝධ නොවෙයි.
  2. අවබෝධ කළ දහමින් පිරිහෙයි.
  3. සද්ධර්මයෙන් සිත පිරිසිදු නොවෙයි.
  4. මාර්ග ඵල නොලබා, ලැබුවේ යැයි හෝ සිතා ගනියි.
  5. නො කැමැත්තෙන් හෝ බ්‍රහ්මචරියාවේ හැසිරෙයි.
  6. එක්තරා කිළිටි සහිත වූ ඇවතකට හෝ පත්වෙයි.
  7. දැඩි රෝගාබාධයකට හෝ ලක්වෙයි.
  8. උන්මාදයට පත් වී මානසික රෝගයක් හෝ ඇතිවෙයි.
  9. සිහි මුළා වී කලුරිය කරයි.
  10. කය බිඳී මරණින් මතු සැප නැති, දුක් ඇති දුගති වූ නිරයෙහි උපදියි.

බාගත ​කිරීමට