මහණෙනි, අනුන් මාගේ (බුදු රජාණන් වහන්සේගේ) නුගුණ (නින්දා, අපහාස ආදිය) කියූව ද, ධර්මයේ නුගුණ කියූව ද, සංඝයාගේ නුගුණ කියූව ද ඒ ගැන තොප කෝප නොවිය යුතුය. අසතුටු නොවිය යුතුය. සිත් තැවුල් ඇති නොකරගත යුතුය.
එසේ අනුන් මාගේ නුගුණ කියූව ද, ධර්මයේ නුගුණ කියූව ද, සංඝයාගේ නුගුණ කියූව ද ඒ අය කෙරෙහි තොප කෝප ගන්නේ නම්, අසතුටු වන්නේ නම් එය තොපට ම අන්තරායකර වෙයි.
“එසේ අනුන් තුනුරුවන් කෙරෙහි නුගුණ කියතොත් තොප කුපිත වූ විට, නොසතුටු වූ විට එය මැනවින් කියන ලද්දක් (සුභාෂිත) ද, වරදවා කියන ලද්දක් (දුබ්භාසිත) ද යනුවෙන් දැනගත හැකි වේ ද?”
“ස්වාමීනි, එසේ නොහැකිය”.
මහණෙනි, අනුන් තුනුරුවන්ගේ නුගුණ කියුවහොත් ‘මේ කරුණිනුත් මෙය නොවූ දෙයකි, මේ කරුණිනුත් මෙය අසත්‍යයකි, මේ නුගුණ අප තුළ නැත’ යනුවෙන් නැති නුගුණ නැති නුගුණ වශයෙන් ම නිරවුල් කර ඉවත් කළ යුතුය.
එසේ ම මහණෙනි, යමෙක් තුනුරුවන් පිළිබඳ ගුණ කියූව ද එහි ද තොප ප්‍රීතිමත් නොවිය යුතුය. සොම්නස් නොවිය යුතුය. සිත උද්දාමයට පත් නොකර ගත යුතුය.
අනුන් තුනුරුවන් ගුණ කියන විට ප්‍රීතිමත් වන්නේ නම්, සොම්නස් වන්නේ නම් එය තොපට ම අන්තරායකාරී වන්නේය.
මහණෙනි, අන් අය තුනුරුවන්හි ගුණ කියතොත් ‘මේ කරුණිනුත් මෙය සිදු වූවකි, මේ කරුණිනුත් මෙය සත්‍ය වෙයි, මේ ගුණ අප කෙරෙහි විද්‍යාමාන (දක්නට ලැබීම) වෙයි’ මෙසේ ඇති ගුණ ඇති ගුණ වශයෙන් ම පිළිගෙන එකඟ විය යුතුය.