අවිද්‍යාවේ මුල් කෙළවරක් නොපැනෙයි. මෙයින් පෙර අවිද්‍යාව නොවූයේ ය. එයින් පසු පහළ වූයේ යැයි කිව නොහැකිය. එ නමුදු අවිද්‍යාව හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගන්නා බව පැනෙයි.
ඒ කෙසේ ද යත්, කඳු මුදුන් වලට වර්ෂාව වසින විට වැසි දිය ගලා ඒ ජලය නිම්න කරා ගොස් කඳුරු, ඇළ, දොළ, ශාඛා පුරවයි. කඳුරු, ඇළ, දොළ පුරවා කුඩා වළවල් පුරවයි. කුඩා වළවල් පුරවා දමමින් මහ වළවල් පුරවයි. මහ වළවල් පිරීමෙන් කුඩා ගංගා පුරවයි. කුඩා ගංගා පිරීමෙන් මහා ගංගා පිරෙයි. මහා ගංගා පිරීමෙන් මහා සාගරය පුරවයි. මෙසේ මහා සාගරයාගේ ප්‍රත්‍ය වෙයි. මෙසේ පරිපූර්ණ භාවය වෙයි.
එසේ ම,
අසත්පුරුෂ ඇසුර පිරීමෙන් අසද්ධර්ම ශ්‍රවණය පරිපූර්ණ වෙයි.
අසද්ධර්ම ශ්‍රවණය පිරීමෙන් අශ්‍රද්ධාව පරිපූර්ණ වෙයි.
අශ්‍රද්ධාව පිරීමෙන් අයෝනිසෝමනසිකාරය පරිපූර්ණ වෙයි.
අයෝනිසෝමනසිකාරය පිරීමෙන් සිහි මුළාව පරිපූර්ණ වෙයි.
සිහි මුළාව පිරීමෙන් ඉන්ද්‍රිය අසංවරය පරිපූර්ණ වෙයි.
ඉන්ද්‍රිය අසංවරය පිරීමෙන් ත්‍රිවිධ දුශ්චරිතය පරිපූර්ණ වෙයි.
ත්‍රිවිධ දුශ්චරිතය පිරීමෙන් පංච නීවරණ පරිපූර්ණ වෙයි.
පංච නීවරණ පිරීමෙන් අවිද්‍යාව පරිපූර්ණ වෙයි.