Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව් වනක් පිරිස සඳහා වූ පොදු කරුණු සහ උපදෙස් /

සද්ධර්මය ඇසූව ද නිවන් මග වැසී යා හැකි හේතු

සම්මත්ත නියාම සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 3 - පිටු අංක 284 - 287)

පහත ධර්මයන්ගෙන් යුක්ත වූයේ, සද්ධර්මය ඇසූව ද කුසල ධර්මයන් සම්පූර්ණ වන නිවන් මගට පැමිණීමට නුසුදුසු වෙයි.

  1. ධර්ම කථාවට පරිභව (නින්දා අපහාස) කරයි.
  2. ධර්ම දේශකයාට පරිභව කරයි.
  3. තමාට පරිභව කරයි.
  4. ජඩ වූ කෙලතොලු වූ අනුවණයෙක් වෙයි.
  5. ‘නොදන්නා ලද්දෙහි දනිමි’ යැයි සිත් ඇත්තේ වෙයි.
  6. එකඟ නොවූ සිත් ඇති ව විසුරුණු සිත් ඇති ව ධර්මය අසයි.
  7. අයෝනිසෝමනසිකාරයෙන්(නුනුවණින් මෙනෙහි කිරීමෙන්) යුතු වෙයි.
  8. ගුණමකු වූයේ, ගුණමකු බවින් මැඩුණු සිතින් සද්ධර්මය අසයි.
  9. හෙළා දකින අදහසින්, සිදුරු සොයන අදහසින් සද්ධර්මය අසයි.
  10. ධර්ම දේශකයා කෙරෙහි දැඩි ක්‍රෝධයෙන් ගැටුණු සිතින් යුතු වෙයි.

මෙම ධර්ම වලින් යුක්ත පුද්ගලයා, සද්ධර්මය අසන නමුත් කුසල ධර්ම සම්පූර්ණ කර නිවන් මගට පැමිණීමට නුසුදුසු වෙයි.


බාගත ​කිරීමට