ඔහු රාත්‍රී කාලයේ දිව්‍ය පුත්‍රයන් සහ දිව්‍ය අප්සරාවන් පිරිවරා ගෙන සිත් අලවන කාම සම්පත්වලින් සෝභමාන ව වෙසෙයි. නමුත් දවල් කාලයේ නොයෙක් දුක් විඳියි. මෙයට හේතුව ඔහු විසින් මෙසේ පැහැදිලි කළේය.
“මම රජගහ නුවර මුව වැද්දෙක් වෙලා සිටියා. ලේ තැවරුණු අත් ඇති ව දරුණු ලෙස ජීවත් වුණා. හරි ම අහිංසක සතුන් ගැනත් මට තිබුණේ දරුණු සිතක්. මට කිසි දමනයක් තිබුණේ නැහැ.
නමුත් මගේ යහළුවා ශ්‍රද්ධාවන්ත උපාසකයෙක්. ඔහු මා ගැන අනුකම්පාවෙන් මා නැවත නැවත පව්වලින් වළක්වන්න උත්සාහ කළා.
‘පව් කරලා අපායට යන්න එපා. මරණින් මතු සැප ලබන්න කැමති නම් දුස්සීල වූ ප්‍රාණ ඝාතයෙන් වළකින්න’ කියලා කිව්වා. නමුත් මගේ මෝඩකමට ඒ කියන දේවල් ඇහුවේ නැහැ. ඒ ප්‍රඥාවන්ත උපාසකතුමා නැවතත් කිව්වා දහවල් කාලයේ සත්තු මරණවා නම්, අඩු තරමේ රාත්‍රියටවත් එයින් වැළකී සංවර වෙන්න කියලා. මම ඒ දේ කළා.
මට ඒ කළ කර්ම වල විපාක දැන් ලැබෙනවා. දවල් කාලයේ සතුන් මැරූ නිසා දවල්ට බල්ලන් බද්ධ වෛරයෙන් වගේ මාව පන්නා ගෙන ඇවිත් වට කර ගෙන කනවා. රෑට සංවර වූ නිසා, මට රෑට දිව්‍ය සැප ලැබෙනවා”.